යොහන් 3:13-17

යොහන් 3:13-17 SCV

ස්වර්ගයෙන් බැස්සා වූ තැනැත්තාණන් වන මනුෂ්‍ය පුත්‍රයාණන් මිස, කිසිවෙක් කිසි කලෙක ස්වර්ගයට නැගුණේ නැත; පාළුකරයේදී මෝසෙස් සර්පයා එසවූ ලෙස මනුෂ්‍ය පුත්‍රයාණන් ද ඔසවනු ලැබිය යුතු ව ඇත. ඒ, උන්වහන්සේ අදහා ගන්නා හැම කෙනකුට ම සදාතන ජීවනය අත්වන පිණිසයි.” මන්ද දෙවියන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක් ද යත්, ස්වකීය එක ම පුතණුවන් දුන් සේක. ඒ, උන්වහන්සේ තුළ අදහා ගන්නා කවරකු වුවත් විනාශ නො වී, සදාතන ජීවනය ලබන පිණිස ය. දෙවියන්වහන්සේ ස්වකීය පුත්‍රයාණන් ලෝකයට එවුවේ, ලෝකයා වරදට පත් කරන්නට නො ව, උන්වහන්සේ මගින් ලෝකයා ගලවා ගන්නට ය.

යොහන් 3:13-17 බයිබල් පදය සහිත රූපය

යොහන් 3:13-17 - ස්වර්ගයෙන් බැස්සා වූ තැනැත්තාණන් වන මනුෂ්‍ය පුත්‍රයාණන් මිස, කිසිවෙක් කිසි කලෙක ස්වර්ගයට නැගුණේ නැත; පාළුකරයේදී මෝසෙස් සර්පයා එසවූ ලෙස මනුෂ්‍ය පුත්‍රයාණන් ද ඔසවනු ලැබිය යුතු ව ඇත. ඒ, උන්වහන්සේ අදහා ගන්නා හැම කෙනකුට ම සදාතන ජීවනය අත්වන පිණිසයි.”
මන්ද දෙවියන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක් ද යත්, ස්වකීය එක ම පුතණුවන් දුන් සේක. ඒ, උන්වහන්සේ තුළ අදහා ගන්නා කවරකු වුවත් විනාශ නො වී, සදාතන ජීවනය ලබන පිණිස ය. දෙවියන්වහන්සේ ස්වකීය පුත්‍රයාණන් ලෝකයට එවුවේ, ලෝකයා වරදට පත් කරන්නට නො ව, උන්වහන්සේ මගින් ලෝකයා ගලවා ගන්නට ය.