යොහන් 19:40-42
යොහන් 19:40-42 SCV
ඔවුහු යුදෙව්වරුන්ගේ භූමදාන චාරිත්‍ර ලෙස සුවඳ ද්‍රව්‍ය සමඟ සිහින් හණ රෙදිවලින් යේසුස්වහන්සේගේ දේහය ඔතා සූදානම් කළහ. යේසුස්වහන්සේ කුරුසිපත් කළ ස්ථානය අසල උයනක් තිබිණි. ඒ උයනේ එතෙක් කිසිවකු තැන්පත් නො කරන ලද අලුත් සොහොන් ලෙනක් තිබිණි. එය යුදෙව්වරුන්ගේ සූදානම් වීමේ දවස බැවින් ද සොහොන් ගෙය අත නුදුරින් ම වූ බැවින් ද ඔවුහු යේසුස්වහන්සේ එහි තැන්පත් කළහ.

