යොහන් 19:19-20

යොහන් 19:19-20 SCV

පිලාත් නාම පුවරුවක් ලියවා, එය කුරුසිය මත තැබී ය. එය මෙසේ ය: නාසරෙත්හි යේසුස්, යුදෙව්වන්ගේ රජු. යේසුස්වහන්සේ කුරුසිපත් කරන ලද ස්ථානය නගරාසන්නයේ වූ බැවින් හා එය හෙබ්‍රෙව්, ලතින් හා ග්‍රීක් යන තෙබසින් ම ලියා තිබූ බැවින් එම නාම පුවරුව යුදෙව්වරුන් බොහෝ දෙනෙක් කියවූහ.