යොහන් 19:16-19
යොහන් 19:16-19 SCV
එබැවින් ඔහු කුරුසියේ ඇණ ගසනු ලබන පිණිස ඔවුන් අතට උන්වහන්සේ බාර දුන්නේ ය. ඔවුහු යේසුස්වහන්සේ බාර ගත්හ. උන්වහන්සේ තම කුරුසිය උසුලාගෙන, හෙබ්‍රෙව් බසින් ගොල්ගොතා නමින් හැඳින්වෙන හිස්කබල නම් ස්ථානය වෙත ගිය සේක. එහිදී ඔවුහු උන්වහන්සේ කුරුසියේ ඇණ ගැසූහ. උන්වහන්සේ මැදි ව සිටින සේ තවත් දෙදෙනකු යේසුස්වහන්සේ දෙපසින් ඇණ ගැසුම් ලදහ. පිලාත් නාම පුවරුවක් ලියවා, එය කුරුසිය මත තැබී ය. එය මෙසේ ය: නාසරෙත්හි යේසුස්, යුදෙව්වන්ගේ රජු.

