යොහන් 19:15-22
යොහන් 19:15-22 SCV
“ඔහු මරා දමනු! මරා දමනු! ඔහු කුරුසියේ ඇණ ගසනු!” යි ඔවුහු මොර ගැසූහ. එවිට පිලාත්, “ඔබේ රජ කුරුසියේ ඇණ ගසන්න දැ!” යි ඔවුන්ගෙන් ඇසී ය. නායක පූජකයෝ පිළිතුරු දෙමින්, “සීසර් හැර වෙනත් රජෙක් අපට නැතැ” යි කීහ. එබැවින් ඔහු කුරුසියේ ඇණ ගසනු ලබන පිණිස ඔවුන් අතට උන්වහන්සේ බාර දුන්නේ ය. ඔවුහු යේසුස්වහන්සේ බාර ගත්හ. උන්වහන්සේ තම කුරුසිය උසුලාගෙන, හෙබ්‍රෙව් බසින් ගොල්ගොතා නමින් හැඳින්වෙන හිස්කබල නම් ස්ථානය වෙත ගිය සේක. එහිදී ඔවුහු උන්වහන්සේ කුරුසියේ ඇණ ගැසූහ. උන්වහන්සේ මැදි ව සිටින සේ තවත් දෙදෙනකු යේසුස්වහන්සේ දෙපසින් ඇණ ගැසුම් ලදහ. පිලාත් නාම පුවරුවක් ලියවා, එය කුරුසිය මත තැබී ය. එය මෙසේ ය: නාසරෙත්හි යේසුස්, යුදෙව්වන්ගේ රජු. යේසුස්වහන්සේ කුරුසිපත් කරන ලද ස්ථානය නගරාසන්නයේ වූ බැවින් හා එය හෙබ්‍රෙව්, ලතින් හා ග්‍රීක් යන තෙබසින් ම ලියා තිබූ බැවින් එම නාම පුවරුව යුදෙව්වරුන් බොහෝ දෙනෙක් කියවූහ. එබැවින් යුදෙව්වරුන්ගේ නායක පූජකයෝ පිලාත් අමතා, “යුදෙව්වන්ගේ රජු ය යනුවෙන් නො ලියා, ‘යුදෙව් රජ මම ය කියා මේ මිනිසා කියා ගත්තේ ය’ යනුවෙන් ලියන්නැ” යි ඉල්ලූහ. පිලාත් ඊට පිළිතුරු දෙමින්, “මා ලියූ දේ ලියුවාම යැ” යි කීවේ ය.

