යොහන් 18:33-37
යොහන් 18:33-37 SCV
එබැවින් පිලාත් යළි තම මැදුරට ඇතුල් ව, යේසුස්වහන්සේ කැඳවා, “ඔබ යුදෙව්වන්ගේ රජ දැ?” යි ඇසී ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ එය පවසන්නේ ඔබේ ම අදහසක් හැටියට ද? නැති නම් අන් අය මා ගැන ඔබට කී දෙයක් දැ?” යි ඇසූ සේක. පිලාත් පිළිතුරු දෙමින්, “කිම ද? මා යුදෙව්වෙක් ද? මට ඔබ බාර දුන්නේ ඔබේ ම ජාතිය හා නායක පූජකයොයි. මොනවද ඔබ කළේ?” යි ඇසී ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මගේ රාජ්‍යය මෙලොවෙන් නො වෙයි. මගේ රාජ්‍යය මෙලොවෙන් වූවා නම්, මා අත්අඩංගුවට ගන්නට යුදෙව්වරුන්ට ඉඩ නො දී මගේ සේවකයින් සටන් වදින්නට තිබුණි. එනමුත් දැන් මගේ රාජ්‍යය මේ ලෝකයෙන් නො වේ යැ” යි කී සේක. “එහෙනම් ඔබ රජ කෙනෙක්!” යැයි පිලාත් කීවේ ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා රජ කෙනෙකැයි ඔබ ම කියයි. මා ඉපදුණේ මේ අරමුණටයි; මා මෙලොවට ආවේත් මේ අරමුණටයි; සත්‍යයට සාක්ෂි දරන්නටයි. සත්‍යයෙන් වූ හැම කෙනෙක් ම මට සවන් දෙන්නේ යැ” යි පැවසූ සේක.

