ඔවුහු කායාපස්ගේ ගෘහය වෙතින් ආණ්ඩුකාර මැදුර වෙත යේසුස්වහන්සේ ගෙන ගියහ. ඒ හිමිදිරි උදයයි. පාස්කුව වැළඳීමට හැකි වන පිණිස අපවිත්‍ර නො වන්නට ඔවුහු ආණ්ඩුකාර මැදුරට ඇතුළු නො වූහ. එබැවින් පිලාත් ඔවුන් වෙත පිටතට අවුත්, “මේ මිනිසාට විරුද්ධ ව ඔබ ඉදිරිපත් කරන චෝදනා මොනවා දැ?” යි ඔවුන්ගෙන් ඇසී ය. “මේ මිනිහා අපරාධ කරන්නෙක් නො වේ නම්, ඔබතුමා වෙත අප මොහු පමුණුවන්නේ නැතැ” යි ඔවුහු පිළිතුරු දුන්හ. එවිට පිලාත් ඔවුන්ට කතා කරමින්, “නුඹලා ම මොහු ගෙන ගොස්, නුඹලාගේ නීතියට අනුව විනිශ්චය කරන්නැ” යි කීවේ ය. යුදෙව්වරු, “කිසිවකු මරණයට පත් කරන්නට බලයක් අපට නැතැ” යි ඔහුට කීවෝ ය. මෙසේ වූයේ තමන් මියෙන්නේ කවර ආකාර මරණයකින් දැයි පෙන්වීමට යේසුස්වහන්සේ පවසා තිබූ වචනය සැබෑ වන පිණිස ය.
යොහන් 18 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යොහන් 18:28-32
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ