“යමෙක් මගේ වචන අසා, ඒවා පිළිපදින්නේ නැති වුවත්, මා ඔහු විනිශ්චය කරන්නේ නැත. මා ආවේ ලෝකය විනිශ්චය කිරීමට නො වෙයි; ලෝකය ගලවා ගැනීමටයි. මා ප්‍රතික්ෂේප කරන, මගේ වචන නො පිළිගන්න අයට විනිශ්චයකරුවෙක් සිටියි. මා පවසන මේ වචන ම අන්තිම දවසේ ඔවුන් විනිශ්චය කරනු ඇත. මන්ද මගේ ම අධිකාරිත්වයෙන් මා කතා කළා නො වේ; මා විසින් පැවසිය යුත්තේ මොනවා ද, කතා කළ යුත්තේ කෙසේදැයි මා එවූ පියාණන්වහන්සේ මට ආඥාවක් දී තිබේ. උන්වහන්සේගේ ආඥාව සදාතන ජීවනය බව මම දනිමි. එබැවින් මා පවසන්නේ, පවසන්නැයි පියාණන්වහන්සේ මට කී දෑ යැ” යි පැවසූ සේක.
යොහන් 12 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යොහන් 12:47-50
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ