යොහන් 12:32-36

යොහන් 12:32-36 SCV

එහෙත් මා පොළොවෙන් ඔසවනු ලැබූ කල, මම සියලු මිනිසුන් මා වෙත ඇදගනිමි” යි පැවසූ සේක. උන්වහන්සේ එසේ කීවේ, තමන් විඳින්නට යන්නේ කෙබඳු මරණයක් දැයි හඟවනු පිණිස ය. සමූහයා කතා කරමින්, “ව්‍යවස්ථාවෙන් අප අසා ඇත්තේ, ක්‍රිස්තුස්වහන්සේ සදාතනික ව පැවත සිටින බවයි. එසේ නම්, ‘මනුෂ්‍ය පුත්‍රයා ඔසවනු ලැබිය යුතු යැ’ යි ඔබ කියන්නේ කෙසේ ද? කවුරු ද මේ මනුෂ්‍ය පුත්‍රයා?” යි ඇසූහ. යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “ආලෝකය ඔබ අතරේ තිබෙන්නේ තව ටික කලකටයි. අන්ධකාරය ඔබ අල්ලා නො ගන්නා පිණිස, ආලෝකය තිබියදී, ගමන් කරන්න. අන්ධකාරයේ ගමන් කරන මිනිසා, තමන් කොතැනක යනවාදැයි නො දනී. ඔබ ආලෝකයේ පුත්‍රයින් වන පිණිස ආලෝකය ඔබ අතරේ තිබියදී ආලෝකය තුළ විශ්වාසය තබන්නැ” යි කී සේක. යේසුස්වහන්සේ ඒ දෑ පැවසූ පසු එතැනින් බැහැර ව ගොස්, ඔවුන් වෙතින් සැඟවුණු සේක.