යොහන් 11:1-4
යොහන් 11:1-4 SCV
එක්තරා මනුෂ්‍යයෙක් රෝගී ව සිටියේ ය. ඔහු, මරියාගේ හා ඇගේ සහෝදරිය වන මාර්තාගේ ගම වූ බෙතානියේ ලාසරස් ය. සුවඳ විලවුන්වලින් ස්වාමින්වහන්සේ ආලේප කර, තම හිසකෙසින් උන්වහන්සේගේ පා පිස දැමූ තැනැත්තිය මේ මරියා ය. රෝගී ව සිටි ලාසරස් ඇගේ සහෝදරයා ය. එබැවින් සහෝදරියෝ, “ස්වාමිනි, ඔබ ප්‍රේම කරන තැනැත්තා රෝගී ව සිටිතැ” යි යේසුස්වහන්සේට දන්වා යැවූහ. යේසුස්වහන්සේ ඒ ඇසූ කල, “මේ රෝගයේ කෙළවර මරණය නො වෙයි. එමඟින් දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් මහිමයට පමුණු වන පිණිස, දෙවියන්වහන්සේගේ තේජෝ මහිමය සඳහා යැ” යි පැවසූ සේක.



