“සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, දොරටුවෙන් ඇතුළු නො වී, වෙන තැනකින් බැටළු ගාලට නැග, පැන එන්නා හොරෙකි; මංකොල්ලකරුවෙකි. එහෙත් දොරටුවෙන් ඇතුළු වන තැනැත්තා බැටළුවන්ගේ එඬේරායි. දොරටුපාලයා ඔහුට දොර හැර දෙයි. බැටළුවෝ ඔහුගේ කටහඬට සවන් දෙති. ඔහු තමන්ගේ බැටළුවන්ට උන්ගේ නම් කියා හඬ ගසා, පිටතට උන් මෙහෙයවයි. මෙසේ තමන්ගේ මුළු රැළ ම පිටතට ගෙනා පසු, ඔහු උන්ට පෙරටුවෙන් යයි. බැටළුවෝ ද ඔහු පස්සේ යති. මන්ද උන් ඔහුගේ කටහඬ හඳුනන බැවිනි. එහෙත් උන් අමුත්තකු පස්සේ යන්නේ නැත. එපමණක් නො ව, ඔහු වෙතින් උන් ඉවත පැන දුවන්නේ අමුත්තන්ගේ කටහඬ උන් හඳුනන්නේ නැති බැවිනි” යි කී සේක. යේසුස්වහන්සේ ව්‍යාංගාර්ථයෙන් එසේ පැවසූ නමුත්, උන්වහන්සේ ඔවුන්ට පවසන්නේ කුමක් දැයි ඔවුන්ට වැටහුනේ නැත. යේසුස්වහන්සේ යළි ඔවුන් අමතමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ මෙයයි; බැටළුවන්ට දොරටුව මමයි. මට කලින් ආ සියල්ලෝ සොරු හා මංකොල්ලකරුවොයි. එහෙත් බැටළුවන් ඔවුන්ට ඇහුම්කන් දුන්නේ නැත. දොරටුව මමයි. යමෙක් මා තුළින් ඇතුළු වේ නම්, ඔහුට ගැලවීම ලැබෙයි; ඔහු ඇතුළට එයි; පිටතටත් යයි; ඔහුට තණ බිම් හමු වෙයි. සොරා එන්නේ සොරකම් කරන්නටත්, මරන්නටත්, විනාශ කරන්නටත් පමණයි. එනමුත් මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසයි; එය අධික ව ම ලැබෙන පිණිසයි. “යහපත් බැටළු එඬේරා මමයි. යහපත් එඬේරා බැටළුවන් උදෙසා තම ජීවිතය පුදයි. එහෙත් බැටළුවන් අයිතිකරු නො වන කුලීකරුවා එඬේරා නො වේ. වෘකයා එනවා දුටුවොත්, ඔහු බැටළුවන් හැර දමා පැන දුවයි. එවිට වෘකයා බැටළුවන් ඩැහැගෙන, උන් විසුරුවා දමයි. ඔහු පැන දුවන්නේ, ඔහු කුලීකරුවකු බැවින්, බැටළුවන් ගැන කිසි තැකීමක් ඔහුට නැති නිසයි. “යහපත් එඬේරා මමයි; මගේ ම උන් මම හඳුනමි; මගේ ම බැටළුවෝ ද මා හඳුනති. එය හරියට පියාණන්වහන්සේ මා හඳුනන පරිදි ය; මා පියාණන්වහන්සේ හඳුනන පරිදි ය. මගේ බැටළුවන් උදෙසා මම මගේ ජීවිතය පුදමි. මේ ගාලට අයිති නැති තවත් බැටළුවන් මට සිටී. මා ඔවුන් ද ගෙන ආ යුතුයි. ඔවුන් ද මගේ කටහඬට සවන් දෙනු ඇත. එවිට එක ම බැටළු රැළකි; එක ම එඬේරෙකි. පියාණන්වහන්සේ මට ප්‍රේම කරන හේතුව, මා විසින් ම ආපසු ගන්නා පිණිස, මා මගේ ජීවිතය පිදීමයි.
යොහන් 10 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යොහන් 10:1-17
7 Days
Amy Groeschel has written this seven-day Bible Plan in hopes it will be taken as straight from our loving Father’s heart to yours. Her prayer is that it teaches you to avoid the opposing clamor and awakens you to focus on His voice.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ