යොහන් 1:29-36

යොහන් 1:29-36 SCV

පසු දා යේසුස්වහන්සේ තමන් දෙසට එනු දුටු යොහන් කතා කරමින්, “අන්න! ලෝකයේ පාපය දුරු කරන දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණෝ; ‘මට පළමුවෙන් සිටි බැවින්, මට වඩා උත්තම කෙනෙක් මට පසුව එතැ’ යි මා කීවේ මෙතුමාණන් ගැනයි. මා මෙතුමාණන් හැඳින සිටියේ නැහැ. එහෙත් මා මෙසේ වතුරින් බව්තීස්ම කරමින් ආවේ, ඉශ්‍රායෙල් ජනයාට මෙතුමාණන් එළිදරවු කිරීමට යැ” යි පැවසී ය. යොහන් සිය සාක්ෂිය දක්වමින්, “ආත්මයාණන් ස්වර්ගයේ සිට පරෙවියකු ලෙස බැස ඇවිත්, මෙතුමාණන් මත රැඳී සිටිනවා මා දැක්කා. මා මෙතුමාණන් හැඳින සිටියේ නැති නමුත්, වතුරින් බව්තීස්ම කරන්නට මා එවූ තැනැන්වහන්සේ මා අමතා, ‘ආත්මයාණන් බැස අවුත්, යමකු මත රැඳී සිටිනවා ඔබ දකින්නේ ද, ශුද්ධාත්මයාණන්ගෙන් බව්තීස්ම කරන තැනැත්තා එතුමාණන් යැ’ යි කී සේක. මා දැන් එය දුටු නිසා, මෙතුමාණන් දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බවට සාක්ෂි දරමි” යි පැවසී ය. පසු දින යළිත්, තම ගෝලයින් දෙදෙනකු සමඟ සිටි යොහන්, යේසුස්වහන්සේ ගමන් කරනු දැක, “අන්න! දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණෝ” යි කීවේ ය.

යොහන් 1:29-36 බයිබල් පද/ය සහිත රූප

යොහන් 1:29-36 - පසු දා යේසුස්වහන්සේ තමන් දෙසට එනු දුටු යොහන් කතා කරමින්, “අන්න! ලෝකයේ පාපය දුරු කරන දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණෝ; ‘මට පළමුවෙන් සිටි බැවින්, මට වඩා උත්තම කෙනෙක් මට පසුව එතැ’ යි මා කීවේ මෙතුමාණන් ගැනයි. මා මෙතුමාණන් හැඳින සිටියේ නැහැ. එහෙත් මා මෙසේ වතුරින් බව්තීස්ම කරමින් ආවේ, ඉශ්‍රායෙල් ජනයාට මෙතුමාණන් එළිදරවු කිරීමට යැ” යි පැවසී ය.
යොහන් සිය සාක්ෂිය දක්වමින්, “ආත්මයාණන් ස්වර්ගයේ සිට පරෙවියකු ලෙස බැස ඇවිත්, මෙතුමාණන් මත රැඳී සිටිනවා මා දැක්කා. මා මෙතුමාණන් හැඳින සිටියේ නැති නමුත්, වතුරින් බව්තීස්ම කරන්නට මා එවූ තැනැන්වහන්සේ මා අමතා, ‘ආත්මයාණන් බැස අවුත්, යමකු මත රැඳී සිටිනවා ඔබ දකින්නේ ද, ශුද්ධාත්මයාණන්ගෙන් බව්තීස්ම කරන තැනැත්තා එතුමාණන් යැ’ යි කී සේක. මා දැන් එය දුටු නිසා, මෙතුමාණන් දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බවට සාක්ෂි දරමි” යි පැවසී ය.

පසු දින යළිත්, තම ගෝලයින් දෙදෙනකු සමඟ සිටි යොහන්, යේසුස්වහන්සේ ගමන් කරනු දැක, “අන්න! දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණෝ” යි කීවේ ය.යොහන් 1:29-36 - පසු දා යේසුස්වහන්සේ තමන් දෙසට එනු දුටු යොහන් කතා කරමින්, “අන්න! ලෝකයේ පාපය දුරු කරන දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණෝ; ‘මට පළමුවෙන් සිටි බැවින්, මට වඩා උත්තම කෙනෙක් මට පසුව එතැ’ යි මා කීවේ මෙතුමාණන් ගැනයි. මා මෙතුමාණන් හැඳින සිටියේ නැහැ. එහෙත් මා මෙසේ වතුරින් බව්තීස්ම කරමින් ආවේ, ඉශ්‍රායෙල් ජනයාට මෙතුමාණන් එළිදරවු කිරීමට යැ” යි පැවසී ය.

පසු දින යළිත්, තම ගෝලයින් දෙදෙනකු සමඟ සිටි යොහන්, යේසුස්වහන්සේ ගමන් කරනු දැක, “අන්න! දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණෝ” යි කීවේ ය.