යෙරමියා 6:16-20

යෙරමියා 6:16-20 SCV

ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “හරස් පාරවල් ළඟ සිටගෙන, බලන්න. ඉපැරණි මාවත් ගැන අහන්න. හොඳ මාර්ගය කොතැන්හි දැයි අසා, එහි ගමන් කර, ඔබේ ජීවාත්මයට විශ්‍රාමය අත්කර ගන්න. එහෙත්, ‘අපි එහි ගමන් ගන්නේ නැතැ’ යි ඔවුහු කියති. මම නුඹලා උදෙසා මුරකරුවන් සිටුවා, ‘හොරණෑ නාදයට අවධානය යොමු කරන්නැ’ යි කීවෙමි. එහෙත්, ඔවුහු ‘අප අවධානය දෙන්නේ නැතැ’ යි කීහ. එබැවින්, එම්බා ජාතීනී, මේ අසනු; එම්බා එක් රැස්වූවනි, ඔවුන්ට කුමක් වේ දැයි දැනගනු. එම්බා පොළොව, මේ අසනු. මෙන්න මේ ජනතාව පිට මම විපත්තිය ගෙනෙන්නෙමි. ඔවුන්ගේ කූටෝපායයන්වල පලය එයයි. මන්ද මගේ වචනවලට ඔවුන් අවධානය යොමු කළේ නැත. මගේ ව්‍යවස්ථාව ඔවුහු ප්‍රතික්ෂේප කළෝ ය. ෂෙබායෙන් කට්ටකුමංජල් හා ඈත දේශයකින් සුවඳ දඬු මා වෙත ගෙනෙන්නේ මොන ප්‍රයෝජනයකට ද? නුඹලාගේ දවන යාග පූජා පිළිගැනෙන්නේ නැත. නුඹලාගේ පුද පූජා මට ප්‍රසන්න නැත.”