යෙරමියා 43

43
1ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ සියලු වචන, එනම් ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ විසින් ජනතාවට පවසන පිණිස ඔහුව යැවූ මෙම සියලු වචන යෙරමියා පවසා නිම වූ කල, 2හෝෂායාගේ පුත් අසරියා ද කාරේයාගේ පුත් යෝහානාන් ද සියලු උඩඟු මිනිස්සු ද යෙරමියාට කතා කොට, “නුඹ කියන්නේ බොරුවක්, ‘පදිංචි වනු පිණිස නුඹලා ඊජිප්තුවට නො යා යුතු යැ’ යි කියන්නට අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ නුඹ එවනු ලැබ නැත. 3එහෙත් අපට එරෙහිව නුඹ පොලඹවා ඇත්තේ නේරියාගේ පුත් බාරුක්; එසේ කර ඇත්තේ, කල්දිවරුන් විසින් අප මරා දමන්නට හෝ බබිලෝනියට අප අල්ලාගෙන යන්නට ඔවුන් අතට අප හසුකර දෙන්නට යැ” යි කීහ.
4මෙසේ, කාරේයාගේ පුත් යෝහානාන් ද සියලු සෙන්පතීන් හා මුළු ජනයා ද යූදා දේශයෙහි නැවතී සිටින ලෙසට වූ ස්වාමින්වහන්සේගේ කටහඬට කීකරු වූයේ නැත. 5ඒ වෙනුවට කාරේයාගේ පුත් යෝහානාන් හා සියලු සෙන්පතීන් කළේ, සියලු ජාතීන් අතරෙහි පලවා හරිනු ලැබ සිට, යූදා දේශයෙහි පදිංචි වනු පිණිස ආපසු පැමිණි, යූදා මුළු ඉතිරි ස්වල්ප පිරිස වන 6පුරුෂයින් ද ස්ත්‍රීන් ද දරුවන් ද රජුගේ දූවරුන් ද රාජකීය ආරක්ෂක සේනාධිපති නෙබුසරදාන් විසින් ෂාෆාන්ගේ පුත් අහිකාම්ගේ පුත් ගෙදලියා වෙත නතර කොට සිටි සැවොම ද දිවැසිවර යෙරමියා ද නේරියාගේ පුත් බාරුක් ද ගෙන යෑම ය. 7මෙසේ ඔවුහු ස්වාමින්වහන්සේගේ කටහඬට අකීකරු ව, ඊජිප්තු දේශයට ඇතුළු ව, තාපන්හේස් දක්වා පැමිණියහ.
8තාපන්හේස්හි දී ස්වාමින්වහන්සේගේ වචනය, යෙරමියා වෙත පැමිණියේ ය: 9“විශාල ගල් දෙකක් ඔබේ දෝතින් ගෙන, යුදෙව් මිනිසුන් ඉදිරියෙහි තාපන්හේස්හි පාරාවෝගේ රජ මැදුරු දොරකඩ පාදිකාවේ බදාම අස්සේ ඒවා සඟවන්න. 10ඉන්පසු ඔවුනට මෙසේ පවසන්න: ‘ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ඔන්න, මම, බබිලෝනි රජු වූ නෙබුකද්නෙසර් මගේ සේවකයා කැඳවා ගෙනෙන්නෙමි. මා මෙහි සැඟැවූ මේ ගල් මත මම ඔහුගේ සිහසුන පිහිටු වන්නෙමි. ඔහු ඒවාට ඉහළින් තම රාජකීය උඩු වියන විහිදවනු ඇත. 11ඔහු පැමිණ, මරණයට නියම වූවන් මරණයට ද වහල්කමට නියම වූවන් වහල්කමට ද කඩුවට නියම වූවන් කඩුවට ද පමුණුවමින්, ඊජිප්තු දේශයට පහර දෙනු ඇත. 12ඊජිප්තුවේ දෙවිවරුන්ගේ දේවාල මම ගිනි අවුළු වන්නෙමි. ඔහු එම දේවාල ගිනි ලා, එම දෙවිවරුන් අල්ලාගෙන යනු ඇත. එඬේරකු තම සළුව උකුණන්ගෙන් පවිත්‍ර කරන්නා සේ ඔහු ඊජිප්තුව පවිත්‍ර කර එතැනින් සමාදානයෙන් පිට වී යනු ඇත. 13ඔහු ඊජිප්තු දේශයෙහි ඇති හෙලියොපොලිස් දෙවොලේ#43:13 හෙලියොපොලිස් දෙවොලේ හෙබ්‍රෙව් බෙත්-ෂෙමෙෂ් එනම් හිරුගේ දෙවොල බිත්ති කුලුන බිඳ හෙළා, ඊජිප්තු දෙවිවරුන්ගේ දේවාල ගිනිලනු ඇත.’ ”

දැනට තෝරාගෙන ඇත:

යෙරමියා 43: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න