යෙරමියා 4:1-4

යෙරමියා 4:1-4 SCV

“එම්බා ඉශ්‍රායෙල්, නුඹ හැරී එන්නේ නම්, නුඹ හැරී ආ යුත්තේ මා වෙතට යැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “නුඹේ පිළිකුල් සහගත දෑ මගේ ඇස් හමුවෙන් නුඹ පහ කර දමන්නේ නම් හා තවදුරටත් මුළාව නො යන්නේ නම්, සත්‍යවාදී ව, යුක්ති සහගත ව හා දමිටුකමින් යුතු ව ‘ස්වාමින්වහන්සේ ජීවමාන වග සැබෑ සේ ම’ යනුවෙන් ඔබ දිවුරන්නේ නම්, උන්වහන්සේ මගින් ජාතීන් තමුන්ට ම ආශිර්වාද කර ගනු ඇත. උන්වහන්සේ තුළෙහි ඔවුන් උදම්වනු ඇත.” මන්ද ස්වාමින්වහන්සේ යූදාහි හා යෙරුසලමෙහි මිනිසුන්ට, මෙසේ කියන සේක: “නුඹලාගේ පුරන් වූ බිම කොටා, වපුරන්න. කටු අතරේ නො වේ. ස්වාමින්වහන්සේ උදෙසා ඔබ ම චර්මඡේද වන්න. ඔබගේ හදවත්වල චර්මාග්‍රය පහ කරන්න. එම්බා යූදාහි මිනිසුනි, යෙරුසලමෙහි ජනයිනි, එසේ කර නොගතහොත්, ඔබගේ දුෂ්ට ක්‍රියා නිසා, මගේ උදහස ගින්නක් සේ පිට ව ගොස්, නිවාලන්නට කෙනකු නැති වන පරිදි දවා දමනු ඇත.