යෙරමියා 39
39
1යූදාහි රජු වූ සෙදෙකියාගේ නව වන වසරේ, දහ වන මස, බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙසර් තම මුළු හමුදාව යෙරුසලමට එරෙහිව මෙහෙයවා, එය වැටලී ය. 2සෙදෙකියාගේ එකොළොස් වන වසරේ හතර වන මස නව වන දිනයේ පුර පවුරු බිඳිනු ලැබිණ. 3ඉන්පසු බබිලෝනි රජුගේ සියලු නිලධාරීන් වන සම්ගර්හි නේර්ගල්-සරෙසෙර් ද නෙබු-සර්සෙකීම් යන ප්‍රධාන නිලධාරියා ද නේර්ගල්-සරෙසෙර් යන උසස් නිලධාරියා ද බබිලෝනි රජුගේ සෙසු සියලු නිලධාරීහු ද ඇතුළට වැද, මධ්‍යම දොරටුවෙහි අසුන් ගත්හ. 4යූදාහි රජු වූ සෙදෙකියා ද සියලු සෙබළු ද ඔවුන් දුටු කල, වහා පලා ගියහ. ඔවුහු රාත්‍රියේ පුරවරය හැර, රජ උයන මාර්ගයෙන් පවුරු යුගල අතරේ වූ දොරටුව තුළින් අරාබා දෙසට ගියහ.
5කල්දිවරුන්ගේ හමුදාව ඔවුන් ලුහුබැඳ, යෙරිකෝ තැන්නේදී සෙදෙකියා ඇල්ලූහ. ඔවුහු ඔහු අල්ලා, හමාත් දේශයේ රිබ්ලාහි සිටි බබිලෝනියේ නෙබුකද්නෙසර් රජු ළඟට ගෙන ගියහ. එහිදී රජු ඔහු ගැන විනිශ්චය දුන්නේ ය. 6බබිලෝනියේ රජු රිබ්ලාහි දී සෙදෙකියා ඉදිරිපිටදී ම ඔහුගේ පුතුන් මැරවී ය. බබිලෝනියේ රජු යූදාහි සියලු නිලධාරීන් ද මැරවී ය. 7ඉන්පසු ඔහු සෙදෙකියාගේ ඇස් උගුල්ලා, බබිලෝනියට ඔහු ගෙන යන පිණිස, ලෝකඩ දම්වැලින් ඔහු බැඳ දැමී ය.
8කල්දිවරු, රජ මැදුර හා ජනයාගේ ගෙවල් ගිනි තබා, යෙරුසලම් පවුරු ද බිඳ හෙළූහ. 9ආරක්ෂක සේනාධිපති නෙබුසරදාන් පුරවරයෙහි ඉතිරි ව සිටි ජනයා ද ඔහු වෙතට පලා ගොස් සිටි ජනයා හා සෙසු ජනයා ද පිටුවහල් කොට බබිලෝනියට ගෙන ගියේ ය. 10එහෙත් ආරක්ෂක සේනාධිපති නෙබුසරදාන් කිසිවක් නොමැති දුගී දුප්පත් ජනයාගෙන් ඇතැම් දෙනකු යූදා දේශයෙහි නතර කරවී ය. එකල්හි ඔහු මිදි වතු හා කෙත් වතු ඔවුනට දුන්නේ ය.
11මේ අතර බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙසර්, ආරක්ෂක සේනාධිපති නෙබුසරදාන් මගින් යෙරමියා පිළිබඳව මෙසේ නියෝග කර තිබිණ: 12“ඔහු කැඳවා ගන්න, හොඳින් ඔහු බලා ගන්න. ඔහුට කිසි අවැඩක් නො කරන්න. ඔහු ඔබෙන් ඉල්ලා සිටින පරිද්දෙන් ඔහු හා කටයුතු කරන්න” යනුවෙනි. 13එබැවින් ආරක්ෂක සේනාධිපති නෙබුසරදාන් ද ප්‍රධාන නිලධාරියකු වූ නෙබුෂස්බාන් ද උසස් නිලධාරියා වූ නේර්ගල්-සරෙසෙර් ද බබිලෝනි රජුගේ සෙසු සියලු නිලධාරීහු ද 14ආරක්ෂක මළුවෙන් පිටතට යෙරමියා ගෙන්වා, ආපසු ඔහු ගෙදර ගෙන යන පිණිස, ෂාෆාන්ගේ පුත්, අහිකාම්ගේ පුත් ගෙදලියාට ඔහු බාර කළේ ය. මෙසේ ඔහු තම ජනතාව අතරේ වාසය කළේ ය.
15යෙරමියා ආරක්ෂක මළුවේ සිරගත ව සිටි අතරේ, ස්වාමින්වහන්සේගේ වචනය ඔහු වෙත පැමිණියේ ය: 16“යන්න; කූෂීය එබෙද්-මෙලෙක්ට මෙසේ පවසන්න: ‘ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: මෙන්න! මම මේ පුරවරයට එරෙහි මගේ වචනය ඉටු කරන්නේ, විපත්තිය මගින් මිස සමෘද්ධිය මගින් නො වේ. ඔන්න, එදවස්හි දී ඔබේ ඇස් ඉදිරිපිට ඒවා ඉෂ්ට වනු ඇත. 17එහෙත් ඒ දවසේදී මම නුඹ මුදා ගනිමි යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක; නුඹ භය වන අය අතට නුඹ බාර දෙනු ලබන්නේ නැත. 18සැබවින් ම මම නුඹ ගලවා ගන්නෙමි. නුඹ කඩුවෙන් වැටී යන්නේ නැත. නුඹ මා කෙරේ විශ්වාසය තැබූ බැවින්, නුඹ පණ ගලවා බේරී යනු ඇතැයි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.’ ”
දැනට තෝරාගෙන ඇත:
යෙරමියා 39: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: