යෙරමියා 31:31-37

යෙරමියා 31:31-37 SCV

“මෙන්න! ඉශ්‍රායෙල් වංශය සමඟ හා යූදා වංශය සමඟ මා අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙතැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “එහෙත් එය ඔවුන්ගේ පියවරුන් සමඟ මා කළ ගිවිසුම වගේ නො වේ. මා ඔවුනට සැමියකු වුව ද, ඊජිප්තු දේශයෙන් පිටතට ඔවුන් පැමිණවීමට මා ඔවුන්ගේ අතින් ඇල්ලූ දවසේ කළ මගේ ගිවිසුම ඔවුහු බිඳ දැමූහ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “ඒ දවස්වලට පසු ඉශ්‍රායෙල් වංශය සමඟ මා කරන ගිවිසුම මෙය වේ” යැයි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “මම මගේ ව්‍යවස්ථාව ඔවුන් තුළ තබා, ඔවුන්ගේ හදවත්හි එය ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි. ඔවුහු මගේ ජනතාව වන්නෝ ය. තවදුරටත් කිසිවකු තම අසල්වැසියාට උගන්වන්නේවත්, ‘ස්වාමින්වහන්සේ හැඳින ගන්න’ කියා තම සහෝදරයාට පවසන්නේවත් නැත. තම සහෝදරයාට පවසන්නේවත් නැත. මන්ද ඔවුන්ගේ ඉතාම සුළු අය පටන් උත්තමයා දක්වා ඔවුන් සියල්ලෝ ම මා හඳුනති. මන්ද ඔවුන්ගේ දුෂ්ටකමට මම කමා වන්නෙමි. ඔවුන්ගේ පව් තවත් සිහි නො කරන්නෙමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. දහවල එළිය කරන්නට හිරු සපයා දෙන, රැයෙහි එළිය දීමට සඳුටත්, තරුවලටත් නියෝග කරන, රළ රැළි ඝෝෂා කරවීමට මුහුද කලඹවන, ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: සේනාංකවල ස්වාමින්වහන්සේ යනු උන්වහන්සේගේ නාමයයි. “මෙම ස්ථාපිත නියෝග මා හමුවෙන් පහව ගියහොත් මිස, ඉශ්‍රායෙල් ප්‍රජාව මා අබියස ජාතියක් ව පැවතීම, කිසි කලෙක නවතින්නේ නැතැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “ඉහළ අහස් කුස මනින්නට හැකි නම් හා පහළ පොළෝ ගැබ අත්තිවාරම් සොයන්නට හැකි නම් පමණක් මම ඉශ්‍රායෙල් ප්‍රජාව පිටු දකින්නෙමි, ඔවුන් විසින් කර ඇති සියලු දෑ නිසා යැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.