යෙරමියා 31:31-33

යෙරමියා 31:31-33 SCV

“මෙන්න! ඉශ්‍රායෙල් වංශය සමඟ හා යූදා වංශය සමඟ මා අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙතැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “එහෙත් එය ඔවුන්ගේ පියවරුන් සමඟ මා කළ ගිවිසුම වගේ නො වේ. මා ඔවුනට සැමියකු වුව ද, ඊජිප්තු දේශයෙන් පිටතට ඔවුන් පැමිණවීමට මා ඔවුන්ගේ අතින් ඇල්ලූ දවසේ කළ මගේ ගිවිසුම ඔවුහු බිඳ දැමූහ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “ඒ දවස්වලට පසු ඉශ්‍රායෙල් වංශය සමඟ මා කරන ගිවිසුම මෙය වේ” යැයි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “මම මගේ ව්‍යවස්ථාව ඔවුන් තුළ තබා, ඔවුන්ගේ හදවත්හි එය ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි. ඔවුහු මගේ ජනතාව වන්නෝ ය.