යෙරමියා 31:21-22

යෙරමියා 31:21-22 SCV

“ඔබ උදෙසා මාර්ග සලකුණු පිහිටුවා, මාර්ගෝපකරණ කණු සිටුවා ගන්න. ඔබ ගමන් ගත් මාර්ගය වන මහ මාවත ගැන සිහි තබා ගන්න. ආපසු එන්න, එම්බා ඉශ්‍රායෙල් කන්‍යාවිය, ඔබේ ම පුරවරවලට හැරී එන්න. එම්බා අවිශ්වාසවන්ත දියණිය, තව කොපමණ කල් ඔබ දෙගිඩියාවෙන් සිටිනවා ද? මන්ද ස්වාමින්වහන්සේ පොළොව මත අලුත් දෙයක් මවා තිබේ. ස්ත්‍රියක් පුරුෂයකු වටකර ගන්නී ය.”