යෙරමියා 31:18-19

යෙරමියා 31:18-19 SCV

“එප්‍රායිම්ගේ දුක්-ගැනවිල්ල මට ඇසුණේ මෙලෙසිනි: ‘ඔබ, මා හික්මවී ය. නො දැමුණු ගොන් වස්සකු පරිද්දෙන් මම හික්මවීම ලදිමි. යළි පිහිටවනු ලබන පිණිස, මා ආපසු ගෙන ආ මැනවි. මන්ද මගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ ඔබ ය. මා ඉවත හැරී ගිය නමුදු, මම පසුතැවිලි වීමි. වැටහීම ලද පසු, මම පපුවට ගසා ගතිමි. මගේ යොවුන් වියේ අවමානය මා දැරූ බැවින් මම ලජ්ජාවටත්, නින්දාවටත් පත් වීමි.’