යෙරමියා 30:8-9

යෙරමියා 30:8-9 SCV

“ ‘ඒ දවසේ මම ඔවුන්ගේ ගෙලේ වියගහ බිඳිමි. ඔවුන්ගේ බැඳුම් ඉරා දමමි’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. ‘කිසි විදෙස්සෙක් තවදුරටත් වහල්කමට ඔවුන් යොදාගන්නේ නැත. ඒ වෙනුවට ඔවුන්, තමන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේටත්, මා විසින් ඔවුනට නැගිටුවා දෙන ඔවුන්ගේ රජු වූ දාවිත්ටත් මෙහෙ කරනු ඇත.