යෙරමියා 3:14-15

යෙරමියා 3:14-15 SCV

“ආපසු එන්න! පසුබට ව යන පුත්‍රයිනි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “මන්ද මම ඔබගේ ස්වාමියාණන් වෙමි. නගරයකින් එක් කෙනකු ද වංශයකින් දෙදෙනකු ද යන වශයෙන් මම නුඹලා තෝරා ගෙන, සියොන වෙත ගෙනෙන්නෙමි. ඉන්පසු දැනගැන්මෙන් ද සිහි-නුවණින් ද යුතු ව ඔබට මග පෙන්වන, මගේ සිතට එකඟ එඬේරුන් මම ඔබට දෙන්නෙමි.