යෙරමියා 3:1-5

යෙරමියා 3:1-5 SCV

“මිනිසකු තම බිරිඳ දික්කසාද කළහොත්, ඇය ඔහුගෙන් වෙන් ව, අනෙකකුගේ බිරිඳ වුණොත්, ඔහු ඇය වෙත ආපසු යයි ද? එයින් දේශය මුළුමනින් දූෂ්‍ය කරනු නො ලැබේ ද? ඔබ පෙම්වතුන් බොහෝ දෙනකු සමඟ වෙසඟනක සේ පෙම්කෙළිය ද දැන්, නුඹ යළි මා වෙත එනවා දැ?” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “නුඹේ ඇස් ඇර, මුඩු කඳු දෙස බලනු; අපහරණයට නුඹ යොදා නො ගත් තැනක් එහි තියේ ද? කොල්ලකෑමට බලා සිටින කාන්තාර අරාබියයකු සේ, නුඹ පාර අයිනේ හිඳ, ප්‍රේමවන්තයන් එන තුරු මග බලා සිටියේ ය. නුඹේ නීච වේශ්‍යාකමින් සහ නුඹේ දුෂ්ටකමින් නුඹ දේශය දූෂ්‍ය කර ඇත. එබැවින් වැසි වැගිරීම වළක්වන ලදී. වසන්ත වරුසාව ද පැමිණියේ නැත. එහෙත් නුඹට ඇත්තේ වෙසඟනකගේ නළල ය. ලජ්ජා වීම නුඹ ප්‍රතික්ෂේප කර ඇත. දැන් නුඹ මට මෙසේ හඬ ගැසුවේ නැති ද? ‘මගේ පියාණෙනි, මගේ යෞවනයේ සිට ඔබ මගේ මිත්‍රයා ය. හැමදා ඔබ කෝපයෙන් සිටින සේක් ද? ඔබගේ උදහස සදහට ම පවතින්නේ ද?’ ඔන්න නුඹේ කතාව එහෙම ය. එහෙත් කළ හැකි හැම දුෂ්ටකමක් ම නුඹ කර ඇත.”

මෙයට අදාළ වීඩියෝ