යෙරමියා 29
29
යෙරමියාගෙන් ලිපියක්
1නෙබුකද්නෙසර් විසින් යෙරුසලමේ සිට බබිලෝනිය වෙත වාලට ගෙන යන ලදුව, පිටුවහලුන් අතරේ ජීවත් ව සිටින වැඩිහිටියන්, පූජකයින්, දිවැසිවරුන් හා සෙසු සියලු ජනයා වෙත දිවැසිවර යෙරමියා යෙරුසලමේ සිට යැවූ ලිපියේ වූ වදන් මෙසේ ය; 2එය යැවුවේ, යෙකොනියා රජු ද මවු බිසොව ද රාජ්‍ය නිලධාරීන්#29:2 රාජ්‍ය නිලධාරීන් හෙවත් නපුංසකයන් ද යූදාහි හා යෙරුසලමෙහි ප්‍රධානීන් ද කර්මාන්ත ශිල්පීන් හා ආචාරීන් ද යෙරුසලමෙන් පිට මං වූ පසුව ය. 3ඔහු එම ලිපිය යැව්වේ, යූදාහි රජු වූ සෙදෙකියා විසින් බබිලෝනියේ නෙබුකද්නෙසර් රජු වෙත යවන ලද්දන් වන ෂාෆාන්ගේ පුත් එලෙයාසා හා හිල්කීයාගේ පුත් ගෙමරියා බාරයේ ය. ඉන් මෙසේ කියැවිණ:
4යෙරුසලමේ සිට බබිලෝනියට මා විසින් පිටුවහල් කරන ලද සියල්ලන් හට ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: 5“නිවෙස් තනා, ඒවායේ පදිංචි වන්න. වතු පිටි වවා, ඒවායේ පලදාව කන්න. 6අඹුවන් ගෙන, දූ පුතුන් උපද්ද වන්න. ඔබේ පුතුනට අඹුවන් ආවාහ කොට ගෙන, ඔබේ දූවරුන් සැමියනට විවාහ කොට දී, ඔවුනටත් දූ පුතුන් උපදින්නට සලස්වන්න. මෙසේ එහිදී ගණනින් වැඩි වර්ධන වන්න; අඩු නො වන්න. 7මා විසින් ඔබ පිටුවහල් කරන ලද පුරවරයේ සුබ සිද්ධිය ද සොයන්න. එය උදෙසා ස්වාමින්වහන්සේට යාච්ඤා කරන්න. මන්ද එහි සෞභාග්‍යය, ඔබගේ සෞභාග්‍යය වේ.” 8ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “ඔබ අතරේ සිටින දිවැසිවරුන්ට හා පේන කියන්නන්ට ඔබ රවටන්නට ඉඩ නො දෙන්න. ඔබ ඔවුන්ට දකින්නට සලසන සිහිනවලට සවන් නො දෙන්න. 9ඔවුහු මගේ නාමයෙන් බොරු අනාවැකි පවසති. මම ඔවුන් නො යැවීමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
10 ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “බබිලෝනිය සඳහා සැත්තෑ වසර සම්පූර්ණ වූ කල, මම නුඹලා සොයා බලා, මේ ස්ථානයට නුඹලා ආපසු ගෙන ඒමේ මගේ පොරොන්දුව, ඉෂ්ට කරන්නෙමි. 11මන්ද ඔබ උදෙසා මා වෙත ඇති සැලසුම් මම දනිමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “ඒවා සමෘද්ධියේ සැලසුම් ය. ඔබට හානිදායක ඒවා නො වේ. ඔබට අනාගතයක් හා අපේක්ෂාවක් දීමේ සැලසුම් ය. 12එවිට ඔබ මට අයැදිනු ඇත. මා වෙත අවුත්, මට යාච්ඤා කරනු ඇත. මමත් ඔබට ඇහුම්කන් දෙන්නෙමි. 13ඔබ මා සොයනු ඇත; ඔබගේ මුළු හදින් ම ඔබ මා සොයන කල, ඔබට මා හමු වනු ඇත. 14ඔබ විසින් මා සොයා ගනු ලබනු ඇතැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “ඔබගේ භාග්‍යය මම යළි ස්ථාපිත කරන්නෙමි. මා විසින් පලවා හරින ලද සියලු ජාතීන් වෙතින් හා සියලු ස්ථාන වෙතින් මම ඔබ එක් රැස් කරන්නෙමි. පිටුවහල් කොට මා විසින් ඔබ යවනු ලැබුවේ කොතැනක සිට ද එතැනට ම මම ඔබ ආපසු ගෙනෙන්නෙමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
15“ස්වාමින්වහන්සේ අපට බබිලෝනියේදී දිවැසිවරුන් නැගිටුවා දුන් සේකැ” යි ඔබ කියනු ඇත. 16එහෙත් දාවිත්ගේ සිහසුනෙහි හිඳින රජු ගැන ද පිටුවහල් කොට ගෙන යනු නො ලැබූ ඔබේ රට වැසියන් වන මෙම පුරවරයෙහි නැවතී සිටින සියලු ජනයා ගැන ද ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: 17එසේය, සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “මම කඩුව ද සාගතය ද වසංගතය ද ඔවුන්ට එරෙහිව මුදා හරින්නෙමි. එසේ ඔවුන් කන්නට බැරි තරම් නරක් වූ කුණු අත්තික්කා මෙන් වන්නට සලස්සමි. 18මම කඩුව ද සාගතය ද වසංගතය ද ගෙන, ඔවුන් ලුහුබඳිමි. පොළොවේ සියලු රාජ්‍යයන් අතරේ ඔවුන් භීතියක් වන්නට සලස්සමි. මා විසින් ඔවුන් පලවා හරින ලද සියලු ජාතීන් අතරේ ඔවුන් ශාපයට හා භීතියට හේතුවක් ද අවමානයට හා නින්දාවට හේතුවක් ද වන්නට සලස්වමි. 19මන්ද මගේ වචනයට, මගේ සේවක දිවැසිවරුන් අත නැවත, නැවතත් ඔවුන් වෙත මා යැවූ වචනයට, ඔවුන් සවන් දුන්නේ නැතැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “නුඹලාත් මට සවන් දුන්නේ නැතැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
20එබැවින්, යෙරුසලමේ සිට බබිලෝනියට මා විසින් පලවා හරිනු ලැබූ පිටුවහල් ව සිටින සියල්ලෙනි, ස්වාමින්වහන්සේගේ වචනය අසනු! 21මගේ නාමයෙන් නුඹලාට බොරු අනාවැකි පවසන කෝලායාගේ පුත් ආහාබ් ගැනත්, මාසේයාගේ පුත් සෙදෙකියා ගැනත් ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “ඔන්න! බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙසර් අතට මම ඔවුන් හසුකර දෙන්නෙමි. නුඹලාගේ ඇස් පනා පිටදී ම ඔහු ඔවුන් ගසා හෙළනු ඇත. 22ඔවුන් හේතු කොට මෙම ශාප කියමන, බබිලෝනියේ සිටින යූදා පිටුවහලුන් හැම දෙනා විසින් භාවිත කරනු ඇත. එනම්, ‘බබිලෝනි රජු විසින් ගින්නෙන් පුළුස්සා දැමූ සෙදෙකියාට හා ආහාබ්ට මෙන්, ස්වාමින්වහන්සේ ඔබටත් කරන සේක්වා’ යනුවෙනි. 23මන්ද ඔවුන් ඉශ්රායෙල්හි දුෂ්ටකම් කර ඇත. ඔවුහු තම අසල්වාසීන්ගේ අඹුවන් සමඟ පරදාර සේවනයේ ගැලුනාහු, මා ඔවුනට අණ නො කළ දෑ ගැන මගේ නාමයෙන් බොරු කීවාහු ය. ඒ වග දන්නේ මා ය. මම සාක්ෂි දරමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
ෂෙමායාට පණිවුඩයක්
24නෙහෙලාමීය ෂෙමායාට ඔබ කිව යුතු දේ: 25“ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: නුඹ නුඹේ ම නාමයෙන් යෙරුසලමෙහි වෙසෙන සියලු ජනයාටත්, මාසේයාගේ පුත් පූජක සෙෆනියාටත්, සෙසු සියලු පූජකයින්ටත් මෙසේ ලිපි යවා ඇත: 26‘ස්වාමින්වහන්සේගේ ගෘහයෙහි බාරකරු වන පිණිස, ස්වාමින්වහන්සේ පූජක යෙහෝයාදා වෙනුවට පූජකයා කොට ඔබ පත් කළේ ය. දිවැසිවරයකු ලෙස හැසිරෙන කවර පිස්සකු වුව, ඔබ විසින් දඬු කඳේ ද යකඩ-විලංගුවෙහි ද ලෑ යුතු ය. 27එසේ නම් ඔබ අනාතොත්හි යෙරමියාට තරවටු නො කළේ මන්ද? 28ඔහු බබිලෝනියේ සිටින අපට පණිවුඩයක් එවමින්, විප්‍රවාස කාලය දිග ය. එබැවින් නිවෙස් ගොඩ නගා, පදිංචි වන්න. වතු පිටි වවා, ඒවායේ පල කන්නැ’ යි කීවේ යැ” යි කියා ඇත.
29පූජක සෙෆනියා එම ලිපිය දිවැසිවර යෙරමියා අසා සිටියදී කියවී ය. 30එවිට ස්වාමින්වහන්සේගේ වචනය, යෙරමියා වෙත පැමිණියේ ය: 31“නෙහෙලාමීය ෂෙමායා ගැන ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේකැයි සියලු පිටුවහල් ව සිටින්නන්ට දන්වා යවන්න: ‘ඔහු මා විසින් එවුවේ නැති නමුත් ෂෙමායා ඔබට දිවැසි වැකි පවසා, බොරුවක් කෙරෙහි විශ්වාස කරන්නට ඔබට සලසා ඇත. 32එබැවින් ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: සැබවින් ම මම නෙහෙලාමීය ෂෙමායාටත්, ඔහුගෙන් පැවත එන්නන්ටත් දඬුවම් කරමි. මේ ජනයා අතරේ ඔහුට ජීවත් වන කිසිවකු ඉතිරි නො වන්නේ ය. මගේ ජනයාට මා විසින් කරනු ලබන යහ දෑ ඔහු දකින්නේ ද නැතැයි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. මන්ද ඔහු මට එරෙහිව කැරලිකාරී ව කතා කළ බැවිනි.’ ”
දැනට තෝරාගෙන ඇත:
යෙරමියා 29: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: