යෙරමියා 29:1-7

යෙරමියා 29:1-7 SCV

නෙබුකද්නෙසර් විසින් යෙරුසලමේ සිට බබිලෝනිය වෙත වාලට ගෙන යන ලදුව, පිටුවහලුන් අතරේ ජීවත් ව සිටින වැඩිහිටියන්, පූජකයින්, දිවැසිවරුන් හා සෙසු සියලු ජනයා වෙත දිවැසිවර යෙරමියා යෙරුසලමේ සිට යැවූ ලිපියේ වූ වදන් මෙසේ ය; එය යැවුවේ, යෙකොනියා රජු ද මවු බිසොව ද රාජ්‍ය නිලධාරීන් ද යූදාහි හා යෙරුසලමෙහි ප්‍රධානීන් ද කර්මාන්ත ශිල්පීන් හා ආචාරීන් ද යෙරුසලමෙන් පිට මං වූ පසුව ය. ඔහු එම ලිපිය යැව්වේ, යූදාහි රජු වූ සෙදෙකියා විසින් බබිලෝනියේ නෙබුකද්නෙසර් රජු වෙත යවන ලද්දන් වන ෂාෆාන්ගේ පුත් එලෙයාසා හා හිල්කීයාගේ පුත් ගෙමරියා බාරයේ ය. ඉන් මෙසේ කියැවිණ: යෙරුසලමේ සිට බබිලෝනියට මා විසින් පිටුවහල් කරන ලද සියල්ලන් හට ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “නිවෙස් තනා, ඒවායේ පදිංචි වන්න. වතු පිටි වවා, ඒවායේ පලදාව කන්න. අඹුවන් ගෙන, දූ පුතුන් උපද්ද වන්න. ඔබේ පුතුනට අඹුවන් ආවාහ කොට ගෙන, ඔබේ දූවරුන් සැමියනට විවාහ කොට දී, ඔවුනටත් දූ පුතුන් උපදින්නට සලස්වන්න. මෙසේ එහිදී ගණනින් වැඩි වර්ධන වන්න; අඩු නො වන්න. මා විසින් ඔබ පිටුවහල් කරන ලද පුරවරයේ සුබ සිද්ධිය ද සොයන්න. එය උදෙසා ස්වාමින්වහන්සේට යාච්ඤා කරන්න. මන්ද එහි සෞභාග්‍යය, ඔබගේ සෞභාග්‍යය වේ.”

යෙරමියා 29:1-7 සඳහා වීඩියෝව

යෙරමියා 29:1-7 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය