යෙරමියා 20:7-9

යෙරමියා 20:7-9 SCV

අහෝ ස්වාමින්වහන්ස, ඔබ මා මුළා කළ සේක. මම මුළා කරනු ලැබීමි. ඔබ, මා අභිබවා ජය ගත් සේක. දවස පුරා මම සමච්චලයට ලක් ව සිටිමි; සැවොම මට කවටකම් කරති. කතා කරන හැම විටෙක ම මා කරන්නේ, සැහැසිකමත්, විනාශයත් ප්‍රකාශ කරමින්, මොර ගැසීමයි. එබැවින් ස්වාමින්වහන්සේගේ වචනය, දවස මුළුල්ලේ ම මට අපහාසයත්, අවලාදයත් ගෙනැවිත් තිබේ. “මම උන්වහන්සේ ගැන සඳහන් නො කරමි; උන්වහන්සේගේ නාමයෙන් කතා නො කරමි” යි කීවොත් උන්වහන්සේගේ වචන මගේ හදෙහි ගින්නක් මෙන්– මගේ ඇටකටු තුළ වසා තැබූ ගින්නක් මෙන් වෙයි. එය රඳවා තබා ගැනීම මට වෙහෙසකි; මට එය කරන්නට බැරි ය.

යෙරමියා 20:7-9 සඳහා වීඩියෝව

යෙරමියා 20:7-9 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය