යෙරමියා 16:5-9
යෙරමියා 16:5-9 SCV
මන්ද ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “වැලපීමට හෝ ඔවුන් උදෙසා ශෝක වීමට මළ ගෙදරකට ඇතුළු නො වන්න. මන්ද මම මගේ සාමය සමඟ මගේ ප්‍රේමයත්, මගේ දයාවත් මේ ජනයා වෙතින් ඉවත් කර ගත්තෙමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “මේ දේශයේ උසස් අයත්, පහත් අයත් යන දෙගොල්ල ම මියෙනු ඇත. ඔවුන් වළලනු ලබන්නේ නැත. ඔවුන් ගැන වැලපීමක් නැත. ඔවුන් නිසා කිසිවකු කැපුමක් කර ගන්නේවත්, හිස මුඩු කර ගන්නේවත් නැත. මළ අය නිසා ශෝක වන්නන් අස්වසන්නට කිසිවකු හෝ ඔවුනට රොටි කඩන්නේ නැත. පියා හෝ මව හෝ නිසාවත්, ඔවුන් සනසන්නට ඔවුනට බීමක් දෙන කෙනෙක් ද නැත. “තවද, හිඳගෙන කෑමට-බීමට, උත්සව ගෙදරකට ඔබ ඇතුළු නො විය යුතු ය. මන්ද සේනාංකවල ස්වාමින්වහන්සේ වන ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ මෙසේ කියන සේක: මෙන්න! ඔබගේ ඇස් පනා පිට, ඔබගේ දවස්හි දී ප්‍රීතියේ නාදයත්, ප්‍රමෝදයේ නාදයත් හා මනාලියගේ කටහඬ හා මනාලයාගේ කටහඬත් මේ ස්ථානයේ නිහඬ කරන්නෙමි.

