යෙරමියා 13:1-11

යෙරමියා 13:1-11 SCV

ස්වාමින්වහන්සේ මට මෙසේ කී සේක: “ගොස්, හණ ඉණ කඩක් මිලට ගෙන, ඔබේ ඉඟ වටා බැඳ ගන්න. එහෙත් එය වතුරේ නො ගිල්වන්න.” එබැවින් ස්වාමින්වහන්සේගේ වචනය පරිදි මම ඉණ කඩක් මිලට ගෙන, මගේ ඉඟ වටා බැඳ ගතිමි. එකල ස්වාමින්වහන්සේගේ වචනය දෙවන වරටත් මා වෙත පැමිණ, “ඔබ මිලට ගත්, ඔබේ ඉඟ වටා ඇති ඉණ කඩ ගෙන, නැගිට, පෙරාත් වෙත ගොස්, එහි පර්වත කුහරයක එය සඟවන්නැ” යි කී සේක. එබැවින් මම පෙරාත් වෙත ගොස්, ස්වාමින්වහන්සේ මට පැවසූ පරිදි එය සැඟවූවෙමි. බොහෝ දිනකට පසු ස්වාමින්වහන්සේ මා ඇමතූ සේක්, “දැන් නැගිට, පෙරාත් වෙත ගොස්, එහි සඟවන්නැයි මා ඔබට අණ කළ ඉණ කඩ එතැනින් ගන්නැ” යි කී සේක. එබැවින් මම පෙරාත් වෙත ගොස්, හාරා, මා එය සඟවා තිබූ තැනින් ඉණ කඩ ගතිමි. අපොයි! එය විනාශ වෙලා; වැඩකට ගන්න බැරි විදියට. එවිට ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණියේ ය: “ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘මේ අයුරින් මම යූදාහි මානය ද යෙරුසලමෙහි අධි-මානය ද නාස්ති කර දමන්නෙමි. මගේ වචනවලට සවන් දීම ප්‍රතික්ෂේප කළ, තම හදවත්හි මුරණ්ඩුකම අනුව හැසුරුනු, අන් දෙවිවරුන්ට මෙහෙ කිරීමට හා නමස්කාර කිරීමට ඔවුන් පසු පස ගිය මේ දුෂ්ට ජනයා මුළුමනින් ම වැඩකට නැති මේ ඉණ කඩ මෙන් වන්නේ ය. මන්ද ඉණ කඩක් මිනිසකුගේ ඉඟට බැඳෙන්නා සේ, මම මුළු මහත් ඉශ්‍රායෙල් වංශය ද යූදා වංශය ද මට බැඳ ගතිමි’ යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. ‘එසේ කළේ ඔවුන් මට ජනතාවක් ද නාමයක් ද ප්‍රශංසාව ද ගෞරවය ද වන පිණිස ය; එහෙත් ඔවුන් ඇහුම්කන් දුන්නේ නැත.’