යෙරමියා 12
12
යෙරමියාගේ පැමිණිල්ල
1අහෝ ස්වාමින්වහන්ස,
මා ඔබ අබියස පැමිණිලි කරන හැම විට ඔබවහන්සේ ධර්මිෂ්ඨ ය.
එසේ වුවත් ඔබගෙන් යමක් අසන්නට කැමැත්තෙමි.
දුෂ්ටයින්ගේ මාර්ගය සඵල වන්නේ ඇයි?
ද්‍රෝහීන් හැම සැප ජීවිත ගත කරන්නේ ඇයි?
2ඔවුන් රෝපණ කළේ ඔබවහන්සේ ය;
ඔවුහු මුල් ඇද්දහ. ඔවුහු හැදී-වැඩී, පල දරන්නාහ.
ඔවුන්ගේ තොල්වලට ඔබවහන්සේ ළඟ ය.
එහෙත් ඔවුන්ගේ හදවත් ඔබවහන්සේගෙන් ඈත ය.
3එනමුදු ඔබ, මා හඳුනන සේක. අහෝ ස්වාමින්වහන්ස,
ඔබ, මා දකින සේක්, ඔබ ගැන ඇති මගේ සිතුවිලි විමසන සේක.
මරන්නට ගෙන යන බැටළුවන් මෙන් ඔවුන් ඇදගෙන ගොස්,
ඝාතන දවසට ඔවුන් වෙන් කර තබනු මැනවි.
4තව කොපමණ කලක් දේශය වියැළෙන්න ද?
කෙත් වතුවල තෘණ මැලවී යන්න ද?
එහි වෙසෙන්නන්ගේ දුෂ්ටකම් නිසා,
සතුන් හා කුරුල්ලන් වැනසී ගොසිනි.
මක්නිසාද, “අපගේ අවසානය කුමක් වේ දැයි
එතුමන් දකින්නේ නැතැ” යි ඔවුහු කීහ.
පිළිතුර
5“පයින් දුවන මිනිසුන් සමඟ තරඟයට දිවූ කල,
ඔවුහු දැඩි වෙහෙසට ඔබ පත් කළෝ නම්,
අශ්වයින් සමඟ ඔබට තරඟ කළ හැක්කේ කෙසේ ද?
සුරක්ෂිත දේශයේදී ඔබ පැකිළී වැටේ නම්,
යොර්දාන් වන ලැහැබ්හි දී ඔබ කුමක් කරන්න ද?
6ඔබේ සහෝදරයෝ, ඔබේ ම පවුලේ අය පවා,
ඔබට ප්‍රයෝග කර ඇත.
ඔවුහු ඔබට විරුද්ධ ව මොර ගැසූහ.
ඔවුන් ඔබ සමඟ මිතුරුකමින් කතා කළත්,
ඔවුන් විශ්වාස නො කරන්න.
7“මම මගේ ගෘහය අත්හළෙමි;
මගේ උරුමය හැර දැමීමි.
මගේ ජීවය ප්‍රේම කළ තැනැත්තිය,
ඇගේ සතුරන් අතට අසුකර දුන්නෙමි.
8මගේ උරුමය මට වනයේ
සිංහ දෙනක බවට පත් ව ඇත.
ඈ මට ගොරවන්නී ය.
එබැවින් මම ඇයට වෛර කරමි.
9මගේ උරුමය, මට පුල්ලි උකුස්සකු සේ වී ද?
සෙසු උකුස්සන් ඌ වට කොට පහර දේ ද?
ගොසින්, සියලු වන මෘගයින්
රැස් කරවා, කා දමන පිණිස
උන් ගෙන එන්න.
10බොහෝ එඬේරුන් මගේ මිදි වත්ත කා දමා ඇත.
ඔවුන් මගේ කෙත්වත් පයින් පාගා දමා ඇත.
මගේ ප්‍රිය මනාප කොටස
ඔවුන් පාළු කතරක් බවට පත් කොට ඇත.
11ඔවුන් එය පාළු බිමක් බවට පමුණුවා ඇත;
එය වියැළී ගිය බිමක් ව, මා අබියස පාළු වී තිබේ.
ඒ ගැන සලකන කෙනෙක් නැති බැවින්,
මුළු දේශය ම නැති පාළු වී ගොසිනි.
12කාන්තාරයේ සියලු මුඩු කඳු පිට
විනාශකයෝ පොදි කති.
දේශයේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා
ස්වාමින්වහන්සේගේ කඩුව විසින් කා දමයි.
කිසිවකුටවත් සාමයක් නැත.
13ඔවුහු තිරිඟු වැපුරූහ. එහෙත් කපා ගත්තේ කටු පඳුරු ය.
ඔවුහු බොහෝ වෙහෙස මහන්සි වූ නමුදු ලද ලාභයක් නැත.
ස්වාමින්වහන්සේගේ රුදුරු කෝපය නිසා,
නුඹලාගේ අස්වැන්න ගැන ලජ්ජා වනු.”
14 ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “මගේ ඉශ්රායෙල් ජනයාට මා දුන් උරුමය අල්ලා ගත් මගේ සියලු දුෂ්ට අසල්වාසීන් සම්බන්ධයෙන් ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ඔන්න, මම ඔවුන්ගේ දේශයෙන් ඔවුන් උදුරා දමන්නෙමි. යූදා වංශය ද මම ඔවුන් අතරින් උදුරා දමන්නෙමි. 15මා ඔවුන් උදුරා දැමූ පසු මම යළිත් ඔවුන්ට අනුකම්පා කොට, ඒ හැම කෙනකු ම එකිනෙකාගේ උරුමයටත්, එකිනෙකාගේ දේශයටත් ගෙනෙන්නෙමි. 16ඔවුන් මගේ ජනයාගේ මාර්ග සැබවින් ම උගන්නේ නම් හා වරක් බාල් දෙවියාගේ නමින් දිවුරන්නට මගේ ජනයාට ඉගැන් වූ නමුදු දැන්, ‘ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම’ කියමින්, මගේ නාමයෙන් දිවුරන්නේ නම්, මගේ ජනයා අතරේ ඔවුන් ද පිහිටු වන්නෙමි. 17එහෙත් යම් ජාතියක් සවන් නො දෙන්නේ නම්, මම ඔවුන් සහමුලින් ම උදුරා දමා, එය වනසා දමන්නෙමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
දැනට තෝරාගෙන ඇත:
යෙරමියා 12: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: