යෙරමියා 1:9-14

යෙරමියා 1:9-14 SCV

ඉන්පසු ස්වාමින්වහන්සේ තම අත දිගු කොට, මගේ මුව ස්පර්ශ කළ සේක. ස්වාමින්වහන්සේ මා අමතමින්, “ඔන්න! මම මගේ වචන ඔබේ මුවෙහි තැබීමි. බලන්න! උදුරන්නට හා කඩා බිඳින්නටත්, වනසාලන්නට හා බිඳ හෙළන්නටත්, ගොඩ නගන්නට හා සිටුවාලන්නටත් ජාතීන්ට ද රාජ්‍යයන්ට ද ඉහළින් අද මම ඔබ පත් කළෙමි” යි පැවසූ සේක. ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ, “යෙරමියා, ඔබට පෙනෙන්නේ මොනවා දැ?” යි පැවසී ය. “බාදම් ගසක අත්තක් මට පෙනේ යැ” යි මම කීමි. එවිට ස්වාමින්වහන්සේ, “ඔබ දැක්කා හරි, මන්ද මගේ වචනය ඉටුවනු දකින්නට මම පරීක්ෂාවෙන් බලා හිඳිමි” යි පැවසූ සේක. ස්වාමින්වහන්සේගේ වචනය දෙවන වරටත් මා වෙත පැමිණියේ, “ඔබට පෙනෙන්නේ මොනවා දැ?” යි අසමින් ය. “උතුරු පැත්තේ සිට ඇලවී තිබෙන උතුරන හැළියක් මට පෙනේ” යි මම පිළිතුරු දුනිමි. ස්වාමින්වහන්සේ එවිට මා අමතමින්, “දේශයේ වෙසෙන සියල්ලන් මත උතුරු දෙසින් විපත්තිය උතුරා හැලෙනු ඇත.