යෙරමියා 1:7-10
යෙරමියා 1:7-10 SCV
එහෙත් ස්වාමින්වහන්සේ මා අමතමින්, “ ‘මම කොලු ගැටයකු පමණි’ යි නො කියනු. මන්ද මා ඔබ යවන හැම කෙනකු වෙත ම ඔබ යා යුතු ය. මා ඔබට අණ කරන කවරක් වුව, ඔබ පැවසිය යුතු ය. ඔවුනට භය නො වන්න. මන්ද ඔබ ගලවන්නට මම ඔබ සමඟ සිටිමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේකැයි පැවසූ සේක. ඉන්පසු ස්වාමින්වහන්සේ තම අත දිගු කොට, මගේ මුව ස්පර්ශ කළ සේක. ස්වාමින්වහන්සේ මා අමතමින්, “ඔන්න! මම මගේ වචන ඔබේ මුවෙහි තැබීමි. බලන්න! උදුරන්නට හා කඩා බිඳින්නටත්, වනසාලන්නට හා බිඳ හෙළන්නටත්, ගොඩ නගන්නට හා සිටුවාලන්නටත් ජාතීන්ට ද රාජ්‍යයන්ට ද ඉහළින් අද මම ඔබ පත් කළෙමි” යි පැවසූ සේක.

