ස්වාමින්වහන්සේගේ වචනය මෙසේ පවසමින් මා වෙත පැමිණියේ ය. “මා, ගර්භයෙහි ඔබ තනන්නටත් කලින් මම ඔබ හැඳින සිටියෙමි; ඔබ උපදින්නටත් පළමු, මම ඔබ කැප කර ගතිමි. ජාතීන්ට දිවැසිවරයකු කොට මම ඔබ පත් කළෙමි.” එවිට මම, “අහෝ, පරමාධිපති ස්වාමින්වහන්ස, බලන්න කෙලෙස කතා කරන්නදැයි මම නො දනිමි. මන්ද තවමත් මම කොලු ගැටයකු පමණි” යි කීවෙමි. එහෙත් ස්වාමින්වහන්සේ මා අමතමින්, “ ‘මම කොලු ගැටයකු පමණි’ යි නො කියනු. මන්ද මා ඔබ යවන හැම කෙනකු වෙත ම ඔබ යා යුතු ය. මා ඔබට අණ කරන කවරක් වුව, ඔබ පැවසිය යුතු ය. ඔවුනට භය නො වන්න. මන්ද ඔබ ගලවන්නට මම ඔබ සමඟ සිටිමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේකැයි පැවසූ සේක. ඉන්පසු ස්වාමින්වහන්සේ තම අත දිගු කොට, මගේ මුව ස්පර්ශ කළ සේක. ස්වාමින්වහන්සේ මා අමතමින්, “ඔන්න! මම මගේ වචන ඔබේ මුවෙහි තැබීමි. බලන්න! උදුරන්නට හා කඩා බිඳින්නටත්, වනසාලන්නට හා බිඳ හෙළන්නටත්, ගොඩ නගන්නට හා සිටුවාලන්නටත් ජාතීන්ට ද රාජ්‍යයන්ට ද ඉහළින් අද මම ඔබ පත් කළෙමි” යි පැවසූ සේක. ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ, “යෙරමියා, ඔබට පෙනෙන්නේ මොනවා දැ?” යි පැවසී ය. “බාදම් ගසක අත්තක් මට පෙනේ යැ” යි මම කීමි. එවිට ස්වාමින්වහන්සේ, “ඔබ දැක්කා හරි, මන්ද මගේ වචනය ඉටුවනු දකින්නට මම පරීක්ෂාවෙන් බලා හිඳිමි” යි පැවසූ සේක. ස්වාමින්වහන්සේගේ වචනය දෙවන වරටත් මා වෙත පැමිණියේ, “ඔබට පෙනෙන්නේ මොනවා දැ?” යි අසමින් ය. “උතුරු පැත්තේ සිට ඇලවී තිබෙන උතුරන හැළියක් මට පෙනේ” යි මම පිළිතුරු දුනිමි. ස්වාමින්වහන්සේ එවිට මා අමතමින්, “දේශයේ වෙසෙන සියල්ලන් මත උතුරු දෙසින් විපත්තිය උතුරා හැලෙනු ඇත. මන්ද යත් ඔන්න! උතුරු රාජ්‍යයන්හි සියලු ජනයින් මම දැන් කැඳවන්නෙමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “ඔවුහු අවුත්, හැම කෙනෙක් ම යෙරුසලමේ දොරටු අබියස තම සිහසුන පිහිටුවා ගනිති. ඒ වටා වූ මුළු පවුරුවලට එරෙහිව ද යූදාහි සියලු නගරවලට එරෙහිව ද ඔවුහු පැමිණෙති. මා අත්හැර දමමින් කළ ඔවුන්ගේ සියලු දුෂ්ටකම්වලට එරෙහිව මම මගේ විනිශ්චය ප්‍රකාශ කරන්නෙමි. ඔවුහු අන් දෙවිවරුන්ට පූජා ඔප්පු කළහ. තමන්ගේ ම අත්වලින් සෑදූ දෑට නමස්කාර කළහ. “එහෙත් ඔබ, ඉඟ පටිය බැඳ, ලැහැස්ති වන්න. නැගිටින්න. මා ඔබට අණ කරන සියල්ල ඔවුන්ට පවසන්න. ඔබ භය ගන්වන්නට ඔවුන්ට ඉඩ නො දෙන්න. නැතහොත් මම ඔවුන් ඉදිරිපිට ඔබ භය ගන්වන්නෙමි. තවද මම, මෙන්න අද දවසේ මම මුළු දේශයට එරෙහිව, යූදාහි රජවරුන්ට එරෙහිව, එහි අධිපතීන්ට, එහි පූජකයන්ට හා දේශවාසීන්ට එරෙහිව බළකොටු පුරවරයක් ද යකඩ කුලුනක් ද ලෝකඩ පවුරක් ද කොට ඔබ පත් කරමි. ඔබට එරෙහිව ඔවුන් සටන් වදිනු ඇත. එහෙත් ඔවුන්, ඔබ පරදවන්නේ නැත. මන්ද ඔබ ගලවන්නට මම ඔබ සමඟ සිටිමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
යෙරමියා 1 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෙරමියා 1:4-19
3 Days
"What's In A Word?" is a three-part video series that takes you on a journey of discovering the transformative power in a word. This series uses Scripture to teach on the power in the Word that God speaks over us, the words we speak over ourselves, and the power of Jesus Christ as the Word.
5 Days
God is always looking to use men and women for His glory. The Bible tells us that the eyes of the Lord go throughout the Earth looking for someone through whom He will show Himself strong (2 Chronicles 16:9). In the selection of the people He uses, God does not consider giftings or personal achievements, but availability and readiness of heart. Based on his book – “And they shall be called the Sons of God,” Tolu Oyewole teaches in this devotional plan that God is not looking for VIPs, but He is looking for SVPs – Servants, Visionaries, and Partners. You will learn, based on the examples of the heroes of the Bible, what it means to be a servant, to have a genuine vision and to partner with the Holy Spirit.
5 days
The Essential 100® Bible Challenge is a simple tool to read through the Big Story of God's Word. The reading plan is based on 50 Old Testament and 50 New Testament passages. Continue with the tenth part "The Prophets." ®Produced by American Bible Society in partnership with Scripture Union, Inc.
Your presence on earth is not a mistake. Neither is it insignificant. On the contrary, you are wanted here—and needed! You are a creation of God with a unique purpose. Discover the indicators of your God-given purpose, how to discern your calling, the process that leads to purpose, and the promise of God’s anointing to enable you to achieve your destiny. Become who you were meant to be!
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ