යෙරමියා 1:4-12

යෙරමියා 1:4-12 SCV

ස්වාමින්වහන්සේගේ වචනය මෙසේ පවසමින් මා වෙත පැමිණියේ ය. “මා, ගර්භයෙහි ඔබ තනන්නටත් කලින් මම ඔබ හැඳින සිටියෙමි; ඔබ උපදින්නටත් පළමු, මම ඔබ කැප කර ගතිමි. ජාතීන්ට දිවැසිවරයකු කොට මම ඔබ පත් කළෙමි.” එවිට මම, “අහෝ, පරමාධිපති ස්වාමින්වහන්ස, බලන්න කෙලෙස කතා කරන්නදැයි මම නො දනිමි. මන්ද තවමත් මම කොලු ගැටයකු පමණි” යි කීවෙමි. එහෙත් ස්වාමින්වහන්සේ මා අමතමින්, “ ‘මම කොලු ගැටයකු පමණි’ යි නො කියනු. මන්ද මා ඔබ යවන හැම කෙනකු වෙත ම ඔබ යා යුතු ය. මා ඔබට අණ කරන කවරක් වුව, ඔබ පැවසිය යුතු ය. ඔවුනට භය නො වන්න. මන්ද ඔබ ගලවන්නට මම ඔබ සමඟ සිටිමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේකැයි පැවසූ සේක. ඉන්පසු ස්වාමින්වහන්සේ තම අත දිගු කොට, මගේ මුව ස්පර්ශ කළ සේක. ස්වාමින්වහන්සේ මා අමතමින්, “ඔන්න! මම මගේ වචන ඔබේ මුවෙහි තැබීමි. බලන්න! උදුරන්නට හා කඩා බිඳින්නටත්, වනසාලන්නට හා බිඳ හෙළන්නටත්, ගොඩ නගන්නට හා සිටුවාලන්නටත් ජාතීන්ට ද රාජ්‍යයන්ට ද ඉහළින් අද මම ඔබ පත් කළෙමි” යි පැවසූ සේක. ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ, “යෙරමියා, ඔබට පෙනෙන්නේ මොනවා දැ?” යි පැවසී ය. “බාදම් ගසක අත්තක් මට පෙනේ යැ” යි මම කීමි. එවිට ස්වාමින්වහන්සේ, “ඔබ දැක්කා හරි, මන්ද මගේ වචනය ඉටුවනු දකින්නට මම පරීක්ෂාවෙන් බලා හිඳිමි” යි පැවසූ සේක.

යෙරමියා 1:4-12 බයිබල් පද/ය සහිත රූප

යෙරමියා 1:4-12 - ස්වාමින්වහන්සේගේ වචනය මෙසේ පවසමින් මා වෙත පැමිණියේ ය.
“මා, ගර්භයෙහි ඔබ තනන්නටත් කලින් මම ඔබ හැඳින සිටියෙමි;
ඔබ උපදින්නටත් පළමු, මම ඔබ කැප කර ගතිමි.
ජාතීන්ට දිවැසිවරයකු කොට මම ඔබ පත් කළෙමි.”
එවිට මම, “අහෝ, පරමාධිපති ස්වාමින්වහන්ස, බලන්න කෙලෙස කතා කරන්නදැයි මම නො දනිමි. මන්ද තවමත් මම කොලු ගැටයකු පමණි” යි කීවෙමි.
එහෙත් ස්වාමින්වහන්සේ මා අමතමින්, “ ‘මම කොලු ගැටයකු පමණි’ යි නො කියනු. මන්ද මා ඔබ යවන හැම කෙනකු වෙත ම ඔබ යා යුතු ය. මා ඔබට අණ කරන කවරක් වුව, ඔබ පැවසිය යුතු ය. ඔවුනට භය නො වන්න. මන්ද ඔබ ගලවන්නට මම ඔබ සමඟ සිටිමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේකැයි පැවසූ සේක.
ඉන්පසු ස්වාමින්වහන්සේ තම අත දිගු කොට, මගේ මුව ස්පර්ශ කළ සේක. ස්වාමින්වහන්සේ මා අමතමින්, “ඔන්න! මම මගේ වචන ඔබේ මුවෙහි තැබීමි. බලන්න! උදුරන්නට හා කඩා බිඳින්නටත්, වනසාලන්නට හා බිඳ හෙළන්නටත්, ගොඩ නගන්නට හා සිටුවාලන්නටත් ජාතීන්ට ද රාජ්‍යයන්ට ද ඉහළින් අද මම ඔබ පත් කළෙමි” යි පැවසූ සේක.
ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ, “යෙරමියා, ඔබට පෙනෙන්නේ මොනවා දැ?” යි පැවසී ය.
“බාදම් ගසක අත්තක් මට පෙනේ යැ” යි මම කීමි.
එවිට ස්වාමින්වහන්සේ, “ඔබ දැක්කා හරි, මන්ද මගේ වචනය ඉටුවනු දකින්නට මම පරීක්ෂාවෙන් බලා හිඳිමි” යි පැවසූ සේක.යෙරමියා 1:4-12 - ස්වාමින්වහන්සේගේ වචනය මෙසේ පවසමින් මා වෙත පැමිණියේ ය.
“මා, ගර්භයෙහි ඔබ තනන්නටත් කලින් මම ඔබ හැඳින සිටියෙමි;
ඔබ උපදින්නටත් පළමු, මම ඔබ කැප කර ගතිමි.
ජාතීන්ට දිවැසිවරයකු කොට මම ඔබ පත් කළෙමි.”
එවිට මම, “අහෝ, පරමාධිපති ස්වාමින්වහන්ස, බලන්න කෙලෙස කතා කරන්නදැයි මම නො දනිමි. මන්ද තවමත් මම කොලු ගැටයකු පමණි” යි කීවෙමි.
එහෙත් ස්වාමින්වහන්සේ මා අමතමින්, “ ‘මම කොලු ගැටයකු පමණි’ යි නො කියනු. මන්ද මා ඔබ යවන හැම කෙනකු වෙත ම ඔබ යා යුතු ය. මා ඔබට අණ කරන කවරක් වුව, ඔබ පැවසිය යුතු ය. ඔවුනට භය නො වන්න. මන්ද ඔබ ගලවන්නට මම ඔබ සමඟ සිටිමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේකැයි පැවසූ සේක.
ඉන්පසු ස්වාමින්වහන්සේ තම අත දිගු කොට, මගේ මුව ස්පර්ශ කළ සේක. ස්වාමින්වහන්සේ මා අමතමින්, “ඔන්න! මම මගේ වචන ඔබේ මුවෙහි තැබීමි. බලන්න! උදුරන්නට හා කඩා බිඳින්නටත්, වනසාලන්නට හා බිඳ හෙළන්නටත්, ගොඩ නගන්නට හා සිටුවාලන්නටත් ජාතීන්ට ද රාජ්‍යයන්ට ද ඉහළින් අද මම ඔබ පත් කළෙමි” යි පැවසූ සේක.
ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ, “යෙරමියා, ඔබට පෙනෙන්නේ මොනවා දැ?” යි පැවසී ය.
“බාදම් ගසක අත්තක් මට පෙනේ යැ” යි මම කීමි.
එවිට ස්වාමින්වහන්සේ, “ඔබ දැක්කා හරි, මන්ද මගේ වචනය ඉටුවනු දකින්නට මම පරීක්ෂාවෙන් බලා හිඳිමි” යි පැවසූ සේක.