යෙරමියා 1:1-9

යෙරමියා 1:1-9 SCV

යෙරමියාගේ වචන: ඔහු බෙන්යමින් දේශයේ අනාතොත්හි පූජකයින්ගෙන් කෙනකු වූ හිල්කීයාගේ පුත්‍රයා ය. ඔහු වෙත ස්වාමින්වහන්සේගේ වචනය පැමිණියේ ආමොන්ගේ පුත්‍ර, යූදාහි රජු වූ යොෂීයාගේ රාජ සමයේ දහතුන් වන වසරේදී ය. තවද යොෂීයාගේ පුත්, යූදාහි රජු වූ යෙහෝයාකීම්ගේ රාජ්‍ය සමයේ හා යොෂීයාගේ පුත්, යූදාහි රජු වූ සෙදෙකියාගේ එකොළොස් වන අවුරුද්දේ පස් වන මස යෙරුසලම හසු වී විප්‍රවාසයට යන තෙක් ම එය පැමිණියේ ය. ස්වාමින්වහන්සේගේ වචනය මෙසේ පවසමින් මා වෙත පැමිණියේ ය. “මා, ගර්භයෙහි ඔබ තනන්නටත් කලින් මම ඔබ හැඳින සිටියෙමි; ඔබ උපදින්නටත් පළමු, මම ඔබ කැප කර ගතිමි. ජාතීන්ට දිවැසිවරයකු කොට මම ඔබ පත් කළෙමි.” එවිට මම, “අහෝ, පරමාධිපති ස්වාමින්වහන්ස, බලන්න කෙලෙස කතා කරන්නදැයි මම නො දනිමි. මන්ද තවමත් මම කොලු ගැටයකු පමණි” යි කීවෙමි. එහෙත් ස්වාමින්වහන්සේ මා අමතමින්, “ ‘මම කොලු ගැටයකු පමණි’ යි නො කියනු. මන්ද මා ඔබ යවන හැම කෙනකු වෙත ම ඔබ යා යුතු ය. මා ඔබට අණ කරන කවරක් වුව, ඔබ පැවසිය යුතු ය. ඔවුනට භය නො වන්න. මන්ද ඔබ ගලවන්නට මම ඔබ සමඟ සිටිමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේකැයි පැවසූ සේක. ඉන්පසු ස්වාමින්වහන්සේ තම අත දිගු කොට, මගේ මුව ස්පර්ශ කළ සේක. ස්වාමින්වහන්සේ මා අමතමින්, “ඔන්න! මම මගේ වචන ඔබේ මුවෙහි තැබීමි.

මෙයට අදාළ වීඩියෝ

යෙරමියා 1:1-9 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය