විනිසුරුවෝ 7:13-16

විනිසුරුවෝ 7:13-16 SCV

ගිඩියොන් එහි ළඟා වෙත් ම, මෙන්න! මිනිසෙක් තම සගයාට සිහිනයක් පවසමින් සිටියේ ය. “ඔන්න, මා සිහිනයක් දැක්කා; මෙන්න! යව රොටියක් මිදියන් කඳවුරට පෙරැළී අවුත්, කූඩාරම වෙත පැමිණ, වැටෙන්නට පහර දී, එය උඩු-යටිකුරු කොට, බිඳ හෙළී යැ” යි පැවසී ය. ඔහුගේ මිතුරා පිළිතුරු දෙමින්, “මේ නම් යෝවාෂ්ගේ පුත් ඉශ්‍රායෙල් මනුෂ්‍යයකු වූ ගිඩියොන්ගේ අසිපත මිස අන් කිසිවක් නො වේ. දෙවියන්වහන්සේ මිදියන්වරුන් හා මුළු කඳවුර ම ඔහුගේ අතට දී ඇතැ” යි කීවේ ය. ගිඩියොන් ඒ සිහිනයත්, එහි අරුත් විවරණයත් ඇසූ කල නමස්කාර කළේ ය. ඉශ්‍රායෙල් කඳවුරට ආපසු ආ ඔහු, “නැගිටිනු! මන්ද ස්වාමින්වහන්සේ මිදියන් හමුදාව නුඹලාගේ අත්වලට දී ඇතැ” යි කීවේ ය. ඔහු, මිනිසුන් තුන්සිය දෙනා කණ්ඩායම් තුනකට බෙදී ය. ඔවුන් හැමගේ අත්වලට හොරණෑ ද හිස් කළ ගෙඩි ද දුන්නේ ය. ඒ කළ ගෙඩි තුළ පන්දම් විණ.