එවිට යෙරුබ්බාල් එනම් ගිඩියොන් හා ඔහු සමඟ වූ මුළු ජනයා අලුයම් උදෙන් පිබිද, හරොද් උල්පත පසෙක කඳවුරු බැන්දහ. මිදියන්වරුන්ගේ කඳවුර වූයේ ඔවුනට උතුරින් මෝරේ කන්ද පහළ තැනිතලාවේ ය. ස්වාමින්වහන්සේ ගිඩියොන්ට කතා කළ සේක්, “මවිසින් මිදියන්වරුන් මොවුන් අතට හසුකර දීමට ඔබ ළඟ සිටින මිනිසුන් මට ඕනෑවටත් වැඩියි. ‘මගේ අත මා ගැලවී ය’ කියමින්, ඉශ්රායෙල් මට ඉහළින් උදාරම් විය හැකියි. එබැවින් දැන් ජනයාට ඇසෙන්නට කතා කොට, ‘යම් කෙනෙක් භයෙන් හා වෙවුලුමෙන් සිටී නම් ඒ අය ආපසු හැරී, ගිලියාද් කන්දෙන් පිට ව යත්වා!’ යි නිවේදන කරන්නැ” යි පැවසූ සේක. එවිට මිනිසුන්ගෙන් විසිදෙදහසක් නික්ම ගියහ. දස දහසක් ඉතිරි වූහ. ස්වාමින්වහන්සේ යළි ගිඩියොන් අමතමින්, “මිනිසුන් තවමත් බොහොම වැඩියි. වතුර ළඟට ඔවුන් ගෙන යන්න. ඔබ වෙනුවෙන් මම එහිදී ඔවුන් පිරික්සන්නෙමි. ‘මොහු, ඔබ සමඟ යන්නේ යැ’ යි යමකු ගැන මම කියම් ද, ඔහු, ඔබ සමඟ යන්නේ ය. එහෙත්, ‘මොහු ඔබ සමඟ යන්නේ නැතැ’ යි යමකු ගැන මම කියම් ද, ඔහු, ඔබ සමඟ යන්නේ නැතැ” යි පැවසූ සේක. එබැවින් ගිඩියොන් වතුර ළඟට මිනිසුන් ගෙනාවේ ය. ස්වාමින්වහන්සේ එහිදී ඔහු අමතමින්, “බල්ලකු ලෙව කා බොන්නා සේ තම දිවෙන් වතුර ලෙව කා, බොන අය, එක් පැත්තක ද වතුර බොන්නට දණ ගසන අය අනෙක් පැත්තේ ද සිටුවන්නැ” යි පැවසූ සේක. තම අත තම මුවට තබා, ලෙව කා බිවූ ගණන තුන්සීයකි. සෙසු සියල්ලෝ දිය බොන පිණිස බිම දණ ගැසූහ. එවිට ස්වාමින්වහන්සේ ගිඩියොන්ට කතා කොට, “ලෙව කා බිවූ මිනිසුන් තුන්සිය දෙනා මගින් මම ඔබ ගලවා, මිදියන්වරුන් ඔබේ අත්වලට දෙන්නෙමි. සෙස්සනට තම තමන්ගේ ගෙවලට යන්න හරින්නැ” යි කී සේක. එබැවින් සෙසු අයගේ ආහාර පාන හා හොරණෑ ඔවුන්ගේ අත්වලින් ගත් ඒ තුන්සිය දෙනා පමණක් තමා හා රඳවා ගත් ගිඩියොන්, සෙසු ඉශ්රායෙල් සියල්ලන් ඔවුන්ගේ කූඩාරම්වලට පිටත් කළේ ය. මිදියන්වරුන්ගේ කඳවුර ඔහුට පහළින් තැන්නේ විය.
විනිසුරුවෝ 7 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: විනිසුරුවෝ 7:1-8
3 Days
Fear is an insidious thief that steals our moments of joy, happiness, fulfillment and blessing. It manifests itself in different forms: fear of failure, criticism, judgment, rejection, etc. This emotion, used by the enemy, often paralyzes our destiny. In this plan, we'll look at how to overcome fear and enter our destiny.
4 Days
Small actions can have a ripple effect, leading to big impact in the hands of the Miracle Worker. Through this four-part devotion, we’ll discover how people in the Bible made ordinary choices that God used for His extraordinary plan — and consider how He can work through us today.
5 Days
All throughout the Bible there are stories of ordinary people being used by God to do extraordinary things. Gideon was one such person. As you journey through Gideon's life, our prayer is that you are encouraged and challenged, and that you ultimately remember God is faithful till the end.
An encouraging devotional on trusting God when His plans don’t make sense. Drawing from the account of Gideon, and from the historical novel Heart of the Glen by Jennifer Deibel, this plan will help deepen your faith when nothing seems to make sense.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ