විනිසුරුවෝ 6:8-10

විනිසුරුවෝ 6:8-10 SCV

උන්වහන්සේ ඉශ්‍රායෙල් ජනයා වෙත දිවැසිවරයකු යැවූ සේක. ඔහු මෙසේ පැවසී ය: “ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ඊජිප්තුවෙන් පිටතට, මම නුඹලාට මගපෙන්වා, වහල්කමේ නිවාසයෙන් පිටතට නුඹලා කැඳවාගෙන ආවෙමි. ඊජිප්තුවරුන් අතින් ද නුඹලාට පීඩා කළ සියල්ලන් අතින් ද මම නුඹලා මුදා, නුඹලා ඉදිරිපිටින් ඔවුන් පලවා හැර, ඔවුන්ගේ දේශය මම නුඹලාට දුනිමි. තවද මම නුඹලා අමතමින්, ‘නුඹලාගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය. නුඹලා දැන් වෙසෙන දේශයේ වැසියන් වූ අමෝරිවරුන්ගේ දෙවිවරුනට භය නො වනු’ යි කීවෙමි. එහෙත් නුඹලා මගේ කටහඬට කීකරු වූයේ නැත.”

විනිසුරුවෝ 6:8-10 සඳහා වීඩියෝව

විනිසුරුවෝ 6:8-10 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය