පසු දා අලුයම් උදයේ පිබිදුණු කල මෙන්න! බාල් දෙවියාගේ පුදසුන බිඳ හෙළා දමලා. ඒ පසෙක අෂේරා කණුව කපා දමලා. අලුත සාදන ලද පුදසුන මත දෙවන ගවයා යාග කරලා. “කවුරු ද මේක කළේ?” යි ඔවුහු එකිනෙකාගෙන් අසන්නට වන්හ. ඒ ගැන සොයා විමසා බැලූ කල, “එය කළේ යෝවාෂ්ගේ පුත් ගිඩියොන් යැ” යි ඔවුනට දන්වනු ලැබිණ. එවිට නගර වාසීහු යෝවාෂ්ට කතා කොට, “නුඹේ පුතා පිටතට ගෙනෙන්. ඔහු මිය යා යුතුයි. ඔහු බාල් දෙවියාගේ පුදසුන කඩා, පසෙක තිබූ අෂේරා කණුව ද කපා දමලා” යි කීහ. එහෙත් තමාට එරෙහිව පැමිණියවුන්ට යෝවාෂ් පිළිතුරු දෙමින්, “හඃ නුඹලා බාල් දෙවියා වෙනුවෙන් කරුණු කියනවා ද? ඔහු මුදා ගන්නට වැර දරනවා ද? බාල් උදෙසා සටන් කරන කවරකු වුවත් උදෑසන වන විට මරා දමනු ලැබේ. බාල් සැබවින් ම දෙවියකු නම්, තමා වෙනුවෙන් ඔහු කරුණු කියත්වා! මන්ද, කඩා දමා ඇත්තේ ඔහුගේ පුදසුන යැ” යි කී ය. ඒ දවසේ ගිඩියොන් යෙරුබ්බාල් නමින් අමතනු ලැබී ය. බාල් දෙවියාගේ පුදසුන කඩා දැමුවේ ඔහු බැවින්, බාල් ඔහුට එරෙහිව කරුණු කියත්වායි ඔවුහු කීහ. එකල සියලු මිදියන්වරු ද අමලෙක්වරු ද පෙරදිග ජනයා ද එකට එක් වී, යොර්දානෙන් මෙගොඩ වී, යෙස්රෙයෙල් මිටියාවතේ කඳවුරු බැඳ ගත්හ. එහෙත් ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ, ගිඩියොන් මත පහළ වූ සේක. එවිට ගිඩියොන් තමා අනුව එන ලෙස අබියෙසෙර් වංශිකයින් කැඳවමින්, හොරණෑව හැඬවී ය. තමා අනුව එන ලෙස කැඳවුම් කරමින්, ඔහු මනස්සේ පුරා ද පණිවුඩකරුවන් යැවී ය. ඔහු ආෂෙර්, සාබුලොන් හා නෆ්තලී වෙත ද පණිවුඩකරුවන් යැවී ය. ඔවුහු ඔහු හමුවට ආහ.
විනිසුරුවෝ 6 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: විනිසුරුවෝ 6:28-35
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ