එවිට ගිඩියොන් උන්වහන්සේ අමතමින්, “ඔබවහන්සේ හමුවෙහි මට දැන් ප්‍රසාදය ලැබී ඇත්නම්, මා සමඟ මේ කතා කරන්නේ ඔබවහන්සේ ම වගට මට ලකුණක් පෙන්වුව මැනවි. මා ආපසු එන තෙක්, මගේ පිදුම් ගෙනවුත් ඔබ ඉදිරියේ තබන තෙක්, මෙතැනින් ඉවත් ව නො ගිය මැනව” යි ඉල්ලී ය. “ඔබ ආපසු එන තෙක් මම නැවතී සිටින්නෙමි” යි උන්වහන්සේ පැවසූ සේක. එබැවින්, ගිඩියොන් ගොස්, එළු පැටවකු ද පිටි ඒෆාවකින් මුහුන් නුමුසු රොටි ද පිළියෙල කළේ ය. ඔහු වට්ටියකට මස් ද බඳුනකට හොදි ද දැමී ය. ඔහු ඒවා ඒලා ගහ යට සිටි තැනැත්තාණන් වෙත ගෙනවුත්, ඒවා පිළිගැන්වී ය. දෙවියන්වහන්සේගේ දූතයා ඔහු අමතමින්, “මස් හා නුමුහුන් රොටි ගෙන, මේ පර්වතය පිට තබා, හොදි වත් කරන්නැ” යි කීවේ ය. ගිඩියොන් එසේ කළේ ය. ස්වාමින්වහන්සේගේ දූතයා තම අතේ වූ කෙවිට දිගු කොට, එහි අග මස් හා නුමුහුන් රොටි ස්පර්ශ කළේ ය. එවිට, පර්වතයෙන් ගිනි පැන නැගී, මස් ද රොටි ද දවා දැමිණ. ස්වාමින්වහන්සේගේ දූතයා ද අතුරුදහන් ව ගියේ ය. ඒ, ස්වාමින්වහන්සේගේ දූතයා වග ප්‍රත්‍යක්ෂ කර ගත් ගිඩියොන්, “අපොයි! අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, ස්වාමින්වහන්සේගේ දූතයාණන් මම මුහුණට මුහුණ දැක්කෙමි” යි කීවේ ය. එහෙත් ස්වාමින්වහන්සේ ඔහු අමතමින්, “ඔබට සාමය වේවා! භය නො වන්න. මෙයින් ඔබ මියෙන්නේ නැතැ” යි කී සේක.
විනිසුරුවෝ 6 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: විනිසුරුවෝ 6:17-23
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ