විනිසුරුවෝ 4:1-3

විනිසුරුවෝ 4:1-3 SCV

ඒහුද් මිය ගිය පසු, ඉශ්‍රායෙල්වරු යළිත් ස්වාමින්වහන්සේ හමුවේ දුෂ්ටකම් කළෝ ය. එබැවින් ස්වාමින්වහන්සේ හාසොර්හි රජකම් කළ කානාන් රජකු වන යාබීන් අතට ඔවුන් පාවා දුන් සේක. ඔහුගේ හමුදාපති වූයේ හරොෂෙත්-හග්ගොයිම්හි විසූ සීසෙරා ය. ඔහුට යකඩ යුද්ධ රථ නවසියයක් තිබූ බැවින් ද විසි වසරක් ඔහු ඉශ්‍රායෙල්වරුන්ට කුරිරු ව හිංසා-පීඩා කළ බැවින් ද ඉශ්‍රායෙල්වරු පිහිට ඉල්ලා ස්වාමින්වහන්සේට මොර ගැසූහ.