එකල ස්වාමින්වහන්සේ එම කොල්ලකරුවන් අතින් ඔවුන් මුදා ගත් විනිසුරුවන් නැගිට වූ සේක. එහෙත් ඔවුන් තම විනිසුරුවන්ටත් සවන් දුන්නේ නැත. මන්ද ඔවුහු අන් දෙවි-දේවතාවුන් අනුව යෑමේ අනාචාරයෙහි යෙදෙමින්, ඔවුනට වැඳ වැටුණහ. ස්වාමින්වහන්සේගේ ආඥාවලට කීකරු ව සිටි ඔවුන්ගේ පියවරුන් අනුගමන කළ මාර්ගයෙන් ඔවුහු ඉතා ඉක්මනින් ඉවත හැරුණහ. ඔවුහු ඔවුන් ආදර්ශයට නො ගත්හ. ස්වාමින්වහන්සේ ඔවුනට විනිසුරුවකු නැගුටුවාලූ කවර විටෙක වුව, ස්වාමින්වහන්සේ එම විනිසුරු සමඟ සිටි සේක්, එම විනිසුරුගේ සියලු දවස්හි දී ඔවුන්ගේ සතුරන් අතින් ඔවුන් මුදා ලූ සේක. මන්ද ඔවුන්ට පීඩා ද විපත් ද පැමිණවූවන් යටතේ ඔවුන් කෙඳිරි ගෑ කල, ස්වාමින්වහන්සේ ඔවුනට අනුකම්පා පෑ බැවිනි. එහෙත් ඒ විනිසුරු මිය ගිය විගස, ජනයා අන් දෙවිවරුන් පසු පස යමින්, ඔවුන්ට නමස්කාර කරමින්, ඔවුනට වැඳ වැටෙමින්, ඔවුන්ගේ පියවරුන්ටත් වඩා වැඩි දූෂිත මාර්ගවලට හැරී ගියහ. තමන්ගේ දුෂ්ට ක්‍රියා මාර්ග හා දැඩි මුරණ්ඩු මාර්ග, ඔවුන් අත්හැරියේ නැත. එබැවින් ස්වාමින්වහන්සේගේ කෝපය ඉශ්‍රායෙල්ට එරෙහිව ඇවුළුණේ ය. උන්වහන්සේ කතා කොට, “මේ ජාතිය ඔවුන්ගේ ආදි පියවරුන්ට නියම කළ ගිවිසුම කඩ කළ නිසාත්, මට සවන් නුදුන් නිසාත්, යෝෂුවා මියැදෙන කල ඉතිරි කොට ගිය ජාතීන්ගෙන් එකකුදු මින් මතු මා මොවුන් වෙතින් පන්නා දමන්නේ නැත. මෙසේ කරන්නේ ඉශ්‍රායෙල්වරුන් තම ආදි පියවරුන් කළ සේ ස්වාමින්වහන්සේගේ මාර්ගය පිළිපදිමින්, ඒ මග ගමන් කරන්නේදැයි සෝදිසි කර බැලීමට යැ” යි පැවසූ සේක. යෝෂුවාගේ අතට ඔවුන් පාවා නො දී වහා ඔවුන් පලවා නො හැර ස්වාමින්වහන්සේ ඒ ජාතීන්ට එහිම විසීමට ඉඩ හළ සේක.
විනිසුරුවෝ 2 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: විනිසුරුවෝ 2:16-23
5 days
The Essential 100® Bible Challenge is a simple tool to read through the Big Story of God's Word. The reading plan is based on 50 Old Testament and 50 New Testament passages. Continue with the sixth part "The Judges." ®Produced by American Bible Society in partnership with Scripture Union, Inc.
7 Days
Christmas is the perfect time to look back and reflect on all that God did for us in sending Christ to our rescue. As you read this devotional, I pray that you will remember your own rescue and walk into the New Year with the confidence that He will rescue you again from everything that you will need to walk through on the road that lies ahead.
9 Days
Dive deeper into the epic story of Gideon in Judges 6-8 while learning timeless insights relevant to navigating today’s culture. These insights include resilience in adversity, leadership, and fighting spiritual battles. We hope you are encouraged through this study of Gideon in the book of Judges!
10 Days
The book of Judges reveals the remarkable story of Jael, a woman whose decisive courage changed the course of a nation’s battle. In this devotional, Amorita Weaver guides us through Jael's story, uncovering the cultural, spiritual, and personal significance of Jael’s actions.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ