විනිසුරුවෝ 2:11-12

විනිසුරුවෝ 2:11-12 SCV

ඉන්පසු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ දුෂ්ටකම් කරන්නට වූ ඉශ්‍රායෙල්වරු, බාල් දේවතාවුන්ට නමස්කාර කරන්නට වන්හ. තම පියවරුන් ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආ තම පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අත් හළ ඔවුහු, තමන් අවට ජනයාගේ දෙවි-දේවතාවුන් පසු පස යන්නටත්, ඔවුනට වැඳ වැටෙන්නටත් වන්හ. එසේ ඔවුහු ස්වාමින්වහන්සේගේ කෝපය ඇවිස්සූහ.