ඒ මුළු පරම්පරාව ම මියැදී, ඔවුන්ගේ පියවරුන් අතරට එක් වූ පසු, වෙනත් පරම්පරාවක් ඔවුන්ට පසුව නැගී ආහ. ඔවුහු ස්වාමින්වහන්සේ ගැනවත්, ඉශ්රායෙල් උදෙසා උන්වහන්සේ කළ දෑ ගැනවත් නො දත්තෝ ය. ඉන්පසු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ දුෂ්ටකම් කරන්නට වූ ඉශ්රායෙල්වරු, බාල් දේවතාවුන්ට නමස්කාර කරන්නට වන්හ. තම පියවරුන් ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආ තම පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අත් හළ ඔවුහු, තමන් අවට ජනයාගේ දෙවි-දේවතාවුන් පසු පස යන්නටත්, ඔවුනට වැඳ වැටෙන්නටත් වන්හ. එසේ ඔවුහු ස්වාමින්වහන්සේගේ කෝපය ඇවිස්සූහ. ස්වාමින්වහන්සේ අත් හළ ඔවුහු බාල් දෙවියාටත්, අෂ්තොරෙත් දේවතාවියටත් මෙහෙ කළහ. එබැවින් ස්වාමින්වහන්සේගේ කෝපය ඉශ්රායෙල්ට එරෙහිව ඇවුළුණෙන්, ඔවුන් කොල්ල කෑ කොල්ලකරුවන් අතට උන්වහන්සේ ඔවුන් බාර දුන් සේක. ඔවුන් වටා විසූ ඔවුන්ගේ සතුරනට උන්වහන්සේ ඔවුන් විකුණූ සේක. තම සතුරනට එරෙහිව තවදුරටත් නැගී සිටින්නට ඔවුනට නො හැකි විය. ඉශ්රායෙල්වරුන් සටනට ගිය හැම විටෙක හානියක් වන පරිදි ස්වාමින්වහන්සේගේ හස්තය ඔවුන්ට එරෙහිව පැවැත්තේ, ස්වාමින්වහන්සේ ඔවුන්ට අනතුරු අඟවා තිබූ පරිද්දෙනි. ස්වාමින්වහන්සේ දිවුරා තිබූ පරිද්දෙනි. ඔවුන් සිටියේ දැඩි පීඩනයකිනි. එකල ස්වාමින්වහන්සේ එම කොල්ලකරුවන් අතින් ඔවුන් මුදා ගත් විනිසුරුවන් නැගිට වූ සේක. එහෙත් ඔවුන් තම විනිසුරුවන්ටත් සවන් දුන්නේ නැත. මන්ද ඔවුහු අන් දෙවි-දේවතාවුන් අනුව යෑමේ අනාචාරයෙහි යෙදෙමින්, ඔවුනට වැඳ වැටුණහ. ස්වාමින්වහන්සේගේ ආඥාවලට කීකරු ව සිටි ඔවුන්ගේ පියවරුන් අනුගමන කළ මාර්ගයෙන් ඔවුහු ඉතා ඉක්මනින් ඉවත හැරුණහ. ඔවුහු ඔවුන් ආදර්ශයට නො ගත්හ. ස්වාමින්වහන්සේ ඔවුනට විනිසුරුවකු නැගුටුවාලූ කවර විටෙක වුව, ස්වාමින්වහන්සේ එම විනිසුරු සමඟ සිටි සේක්, එම විනිසුරුගේ සියලු දවස්හි දී ඔවුන්ගේ සතුරන් අතින් ඔවුන් මුදා ලූ සේක. මන්ද ඔවුන්ට පීඩා ද විපත් ද පැමිණවූවන් යටතේ ඔවුන් කෙඳිරි ගෑ කල, ස්වාමින්වහන්සේ ඔවුනට අනුකම්පා පෑ බැවිනි. එහෙත් ඒ විනිසුරු මිය ගිය විගස, ජනයා අන් දෙවිවරුන් පසු පස යමින්, ඔවුන්ට නමස්කාර කරමින්, ඔවුනට වැඳ වැටෙමින්, ඔවුන්ගේ පියවරුන්ටත් වඩා වැඩි දූෂිත මාර්ගවලට හැරී ගියහ. තමන්ගේ දුෂ්ට ක්‍රියා මාර්ග හා දැඩි මුරණ්ඩු මාර්ග, ඔවුන් අත්හැරියේ නැත. එබැවින් ස්වාමින්වහන්සේගේ කෝපය ඉශ්රායෙල්ට එරෙහිව ඇවුළුණේ ය. උන්වහන්සේ කතා කොට, “මේ ජාතිය ඔවුන්ගේ ආදි පියවරුන්ට නියම කළ ගිවිසුම කඩ කළ නිසාත්, මට සවන් නුදුන් නිසාත්, යෝෂුවා මියැදෙන කල ඉතිරි කොට ගිය ජාතීන්ගෙන් එකකුදු මින් මතු මා මොවුන් වෙතින් පන්නා දමන්නේ නැත. මෙසේ කරන්නේ ඉශ්රායෙල්වරුන් තම ආදි පියවරුන් කළ සේ ස්වාමින්වහන්සේගේ මාර්ගය පිළිපදිමින්, ඒ මග ගමන් කරන්නේදැයි සෝදිසි කර බැලීමට යැ” යි පැවසූ සේක. යෝෂුවාගේ අතට ඔවුන් පාවා නො දී වහා ඔවුන් පලවා නො හැර ස්වාමින්වහන්සේ ඒ ජාතීන්ට එහිම විසීමට ඉඩ හළ සේක.
විනිසුරුවෝ 2 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: විනිසුරුවෝ 2:10-23
5 days
The Essential 100® Bible Challenge is a simple tool to read through the Big Story of God's Word. The reading plan is based on 50 Old Testament and 50 New Testament passages. Continue with the sixth part "The Judges." ®Produced by American Bible Society in partnership with Scripture Union, Inc.
9 Days
Dive deeper into the epic story of Gideon in Judges 6-8 while learning timeless insights relevant to navigating today’s culture. These insights include resilience in adversity, leadership, and fighting spiritual battles. We hope you are encouraged through this study of Gideon in the book of Judges!
10 Days
Feeling the weight of life? These ten more daily “multivitamins” (following on from part one) meet you where you are - in the thick of real life. With short reflections, scripture, and an action step each day, you’ll keep anchoring your heart in truth even when energy is low and time is short. Whether you're showing up weary, distracted, or determined, these doses of God’s Word will keep you going and growing.
The book of Judges reveals the remarkable story of Jael, a woman whose decisive courage changed the course of a nation’s battle. In this devotional, Amorita Weaver guides us through Jael's story, uncovering the cultural, spiritual, and personal significance of Jael’s actions.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ