විනිසුරුවෝ 2:1-2

විනිසුරුවෝ 2:1-2 SCV

ස්වාමින්වහන්සේගේ දූතයා, ගිල්ගාල් සිට බෝකීම් වෙත අවුත්, කතා කොට, “මම ඊජිප්තුවෙන් පිටතට නුඹලා ගෙනවුත්, නුඹලාගේ පියවරුන්ට දෙන්නට මා දිවුළ දේශයට නුඹලා පැමිණ වීමි. එහිදී මා කතා කොට, ‘නුඹලා සමඟ ඇති මගේ ගිවිසුම මා කිසි දින කඩ කරන්නේ නැත. නුඹලාත්, මේ දේශ වාසීන් සමඟ කිසිදු ගිවිසුමක් නො කළ යුතු ය. ඔවුන්ගේ පුදසුන් කඩා බිඳ දැමිය යුතු යැ’ යි කීවෙමි. එහෙත් නුඹලා මගේ කටහඬට කීකරු වූයේ නැත. මොකක් ද මේ නුඹලා කළේ?