විනිසුරුවෝ 18
18
දාන්වරු ලායිෂ්හි පදිංචිවීම
1එදවස්හි ඉශ්රායෙල්හි රජකු සිටියේ නැත.
තවද දාන් ගෝත්‍ර වංශය එදවස්හි සිටියේ, පදිංචිය සඳහා තමන්ට ම උරුම පෙදෙසක් සොයමිනි. ඒ වන තෙක් ම ඉශ්රායෙල් ගෝත්‍ර අතරේ උරුම පෙදෙසක් ඔවුන්ට උරුම වී තිබුණේ නැත. 2එබැවින්, දාන් වංශිකයෝ තම මුළු පෙළපත නියෝජනය වන සේ, රණවිරුවන් පස් දෙනකු තෝරා, සෝරා හා එෂ්තායොල්හි සිට ඒ දේශයේ ඔත්තු බලන්නටත්, දේශය නිරීක්ෂණ කරන්නටත් පිටත් කර යවමින්, “ගොසින් දේශය නිරීක්ෂණ කරන්නැ” යි කීහ.
ඒ මිනිස්සු එප්‍රායිම් කඳුරටට පිවිස, මීකාගේ ගෙදරට පැමිණ, එහි ගත කළහ. 3ඔවුහු මීකාගේ නිවස අසල සිටියදී, තරුණ ලෙවීයයාගේ කටහඬ හැඳින, එතැනට ගොස්, “කවුරු ද මෙහි ඔබ කැඳවාගෙන ආවේ? මොනවද ඔබ මෙතැන කරන්නේ? ඔබට මෙහි ඇති කාරිය මොකක් දැ?” යි ඔහුගෙන් ඇසූහ.
4“මා උදෙසා මීකා මේ මේ දෑ කළා, ඔහු මා කුලියට ගත්තා. මා ඔහුගේ පූජකයා වුණා” යි කී ය.
5එවිට ඔවුහු ඔහු අමතමින්, “අපේ ගමන සඵල වේ දැයි දැනගන්නට අප උදෙසා දෙවියන්වහන්සේගෙන් විමසන්නැ” යි කීහ.
6පූජකයා පිළිතුරු දෙමින්, “සාමයෙන් යන්න! ඔබේ කාරිය ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි යැ” යි කීවේ ය.
7ඉන්පසු ඒ මිනිස්සු පස්දෙනා පිටත් ව, ලායිෂ් වෙත පැමිණියහ. එහි ජනයා සුරක්ෂිත ව, වෙසෙන වග ද සීදොන් වාසීන් මෙන් සන්සුන් ව, නිරුපද්‍රිත ව, වාසය කරන වග ද දේශයේ කිසි හිඟයකින් තොර ව එහෙත් ඉසුරුමත් ව සිටින වග ද ඔවුහු නිරීක්ෂණ කළහ. තවද ඔවුන් වෙසෙන්නේ සීදොන්වරුන්ට බොහෝ ඈතින් වග හා අන් කිසිවකු සමඟ හෝ ඔවුන්ගේ සබඳතාවක් නැති වග ඔවුහු දුටුවහ.
8ඔවුන්ගේ සහෝදර ජනයා වෙත සෝරා හා එෂ්තායොල් වෙත ඔවුන් පෙරළා ආ කල, ඔවුහු ඔවුන් අමතමින්, “කොහොම ද? නුඹලා සොයා ගත් තොරතුරු?” යි ඇසූහ.
9ඔවුහු පිළිතුරු දෙමින්, “වරෙල්ලා! අපි ගොස්, ඔවුන්ට එරෙහිව යමු. අපි ඒ දේශය දැක්කා. ඔන්න එය හරි කදිමයි. නුඹලා මොකවත් කරන්නේ නැති ද? එහි ගොස්, එය අල්ලා ගන්නට පමා වන්න එපා. 10නුඹලා එහි ගිය කල, නිසැක ව වෙසෙන ජනතාවක් දක්නට ලැබේවි. ඒ දේශය විශාලයි. දෙවියන්වහන්සේ එය නුඹලා අතට දී ඇත. එය, මිහි පිට ඇති කිසි දෙයකින් අඩු නැති තැනකි” යි කීහ.
11ඉන්පසු දාන් පෙළපත් මිනිස්සු හයසිය දෙනෙක් යුද්ධායුධයෙන් සන්නද්ධ ව, සෝරා හා එෂ්තායොල් වෙතින් පිටත් වූහ. 12ඔවුහු ගොස්, යූදාහි කිරියත්-යෙයාරීම් අසල කඳවුරු ගසා ගත්හ. මේ හේතුව නිසා අද දවස දක්වා කිරියත්-යෙයාරීම්ට බටහිරින් පිහිටි එම ස්ථානය මහනේ-දාන්#18:12 මහනේ-දාන් එනම් දාන්ගේ කඳවුර යැයි හැඳින්වෙයි. 13එතැනින් ඔවුහු එප්‍රායිම් කඳුරට දක්වා ගොස්, මීකාගේ නිවසට පැමිණියහ.
14එවිට, ලායිෂ් දේශයේ ඔත්තු බලන්නට ගිය මිනිස්සු පස්දෙනා තම සහෝදර ජනයා අමතමින්, “නුඹලා දන්නවා ද! මේ නිවෙස්වලින් එකක ඒපොද් සැට්ටයක් ද ගෘහ දේව පිළිම ද කැටයම් රූපයක් හා වාත්තු පිළිමයක් ද තියෙනවා. එබැවින් කළ යුතු දේ ගැන සිතා බලන්නැ” යි කීහ. 15එබැවින් ඔවුහු එතැනින් හැරී, මීකාගේ නිවසේ තරුණ ලෙවීයයාගේ ගෙට ගොස්, ඔහුට ආචාර කළහ. 16යුද්ධයට සන්නද්ධ හයසියයක් දාන්වරු, දොරටු පිවිසුමේ ස්ථානගත වූහ. 17සන්නද්ධ මිනිසුන් හයසියදෙනා සමඟ පූජකයා දොරටු පිවිසුමේ සිටගෙන සිටි අතරේ, දේශයේ ඔත්තු බැලූ මිනිස්සු පස්දෙනා කෙළින් ම ගෙතුළට පිවිස, කැටයම් රූපය ද ඒපොද් සැට්ටය ද සෙසු ගෘහ දේව පිළිම ද වාත්තු පිළිමය ද ගත්හ.
18ඒ මිනිසුන් මීකාගේ ගෙතුළට ගොස්, කැටයම් රූපය ද ඒපොද් සැට්ටය ද සෙසු ගෘහ දේව පිළිම ද වාත්තු පිළිමය ද අරගත් කල, පූජකයා, “මොනවද නුඹලා කරන්නේ?” යි ඇසී ය.
19ඔවුහු ඔහුට පිළිතුරු දෙමින්, “නිශ්ශබ්ද වනු! නුඹේ අතින් කටවහගෙන අප සමඟ අවුත්, අපට පියකු හා පූජකයකු වනු. ඉශ්රායෙල් ගෝත්රවංශයකටත්, පෙළපතකටත් පූජකයකු වීම, එක් මිනිසකුගේ ගෘහ වාසීන්ට පූජකයකු වනවාට වඩා හොඳ නැද්දැ?” යි කීහ. 20එයින් පූජකයා සතුටට පත් විය. ඒපොද් සැට්ටය ද ගෘහ දේව පිළිම ද කැටයම් රූපය ද ගත් ඔහු, එම ජනයා සමඟ ගමන් ගත්තේ ය. 21තම ළමා-ළපටීන් ද තම සත්ව සම්පත ද බඩු බාහිරාදිය ද පෙරටු කොට ගෙන, ඔවුහු ආපසු හැරී, පිටත් ව ගියහ.
22ඔවුන් මීකාගේ නිවසින් ඈතට ගිය පසු, මීකාගේ අසල්වාසීහු කැඳවනු ලැබ, දාන්වරුන් ලුහුබැඳ කිට්ටු කළහ. 23ඔවුන් කෑ-කෝ ගැසූ කල, දාන්වරු ආපසු හැරී, “මෙපමණ සමූහයක් සමඟ, එන්නට මොකද? මොකක් ද ඔබට තියෙන ගැටලුව?” යි මීකාගෙන් ඇසූහ.
24“මා සෑදූ දේවතාවුන් හා මගේ පූජකයා නුඹලා රැගෙන යද්දී, මට ඉතිරි ව ඇත්තේ තව මොනවා ද? එසේ තිබියදී, ‘මොකක් ද ඔබට තියෙන ගැටලුව’ යි නුඹලා අසන්නේ කෙසේ දැ?” යි ඔහු පිළිතුරු දුන්නේ ය.
25එවිට දාන්වරු පිළිතුරු දෙමින්, “නුඹේ කටහඬ අප මධ්‍යයේ ඇහෙන්න දෙන්න එපා. මිනිසුන් කෝප වී නුඹට පහර දේවි. එවිට නුඹේත්, නුඹේ පවුලේ අයගේත් ජීවිත අහිමි වේවි” යි කීහ. 26ඉන්පසු දාන්වරු තමන්ගේ ගමන ගියහ. ඔවුන් තමාට වඩා බෙහෙවින් ප්‍රබල වග දුටු මීකා, ආපසු හැරී, ගෙදර ගියේ ය.
27ඉන්පසු දාන්වරු මීකා සාදා තිබූ දෑ ද ඔහුට අයත් ව සිටි පූජකයා ද රැගෙන, ලායිෂ් වෙත ආවේ, සාමකාමී, සන්සුන් ජනකායකට එරෙහිව ය. ඔවුනට කඩු මූණතින් පහර දුන් ඔවුහු ඒ නගරය ගින්නෙන් දවාලූහ. 28ඔවුන් වාසය කළේ සීදොන්වරුන්ට ඈතින් නිසාත්, කිසි ජනතාවක් සමඟ මිත්‍ර සබඳතාවක් ඔවුන්ට නො වූ නිසාත් ඔවුන් මුදා ගැනීමට කිසිවකු ද නො වී ය. ඒ නගරය පිහිටියේ බෙත්-රෙහෝබ් අසල මිටියාවතේ ය.
දාන්වරු එම පුරවරය යළි ගොඩ නගා එහි පදිංචි වූහ. 29ඔවුහු ඒ නගරයට දාන් යැයි නම් තැබුවේ ඉශ්රායෙල්ට උපන් ඔවුන්ගේ ආදි පිය දාන්ගේ නමට අනුව ය. මුලින් එපුරයේ නාමය ලායිෂ් ය. 30දාන්වරු තමන්ට දේව කැටයම් රූපය පිහිටුවා ගත්හ. දේශය වහල්කමට යට වූ දවස දක්වා ම මෝසෙස්ගේ#18:30 මෝසෙස්ගේ හෝ සමහර පුරාණ පිටපත්වල මනස්සේගේ පුත් ගේර්ෂොම්ගේ පුත්‍රයා වන යෙහෝනාතාන් ද ඔහුගේ පුත්‍රයෝ ද දාන් ගෝත්‍ර වංශයට පූජකයින් වූහ. 31දෙවියන්වහන්සේගේ ගෘහය ෂීලෝහි වූ කාලය මුළුල්ලේ මීකා සාදා තිබූ කැටයම් රූපය පිහිටුවා ගෙන සිටියහ.
දැනට තෝරාගෙන ඇත:
විනිසුරුවෝ 18: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: