විනිසුරුවෝ 16:7-12

විනිසුරුවෝ 16:7-12 SCV

සම්සොන් පිළිතුරු දෙමින්, “නො වියළූ, අමු දුනු-දිය පොට හතකින් ඔවුන් බැඳ දැමුවහොත්, මා ද දුර්වල වී අන් ඕනෑ ම මිනිසකු වගේ වේ යැ” යි කීවේ ය. එකල, පිලිස්ති පාලකයෝ නො වියළූ අමු දුනු-දිය පොට හතක් ඇය වෙත ගෙන ආහ. ඈ ඒවායින් ඔහු බැන්දා ය. ඇතුළු කුටියේ මිනිසුන් සැඟවී රැක සිටියදී, ඇය ඔහුට හඬ ගසමින්, “සම්සොන්! ඔන්න පිලිස්තිවරු එනෝ!” යි කෑ ගැසුවා ය. එවිට, ගින්නට ළං කළ නූලක් සැණෙක කැඩී යන පරිදි, ඔහු පහසුවෙන් දුනු-දිය පොටවල් කඩා දැමී ය. එබැවින් ඔහුගේ ශක්තියේ රහස අනාවරණ නො වී ය. දෙලීලා ඉන්පසු සම්සොන් අමතමින්, “ඔන්න! ඔබ මා රැවටුවා; මට බොරු කීවා. හොඳයි දැන්වත් කරුණාකර මට කියන්න ඔබ බැඳ දැමිය හැක්කේ කෙසේ ද කියා” යි කීවා ය. එවිට ඔහු, “කලින් කිසි විටෙක පාවිච්චි නො කරන ලද අලුත් කඹවලින් ඔවුන් තද කොට මා බැන්දොත්, මා ද දුර්වල වී අන් ඕනෑ ම කෙනකු මෙන් වේ යැ” යි කීවේ ය. එබැවින් දෙලීලා අලුත් කඹ ගෙන, ඒවායින් ඔහු බැඳ, “සම්සොන්, ඔන්න පිලිස්තිවරු එනෝ!” යි කෑගෑවා ය. මිනිස්සු ඇතුළු කුටියේ සැඟවී රැක සිටියහ. එහෙත් ඔහු තම බාහු බැඳි කඹ පට, නූල්පට පරිදි කඩා දැමී ය.

මෙයට අදාළ වීඩියෝ

විනිසුරුවෝ 16:7-12 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය