විනිසුරුවෝ 14:3-4
විනිසුරුවෝ 14:3-4 SCV
එවිට ඔහුගේ පියාත්, මවත්, “නුඹේ නෑයින් අතරේවත්, අපේ ජනයා අතරේවත් සුදුසු ස්ත්‍රියක් නැතිවට ද නුඹ මේ චර්ම-අඡේදිත පිලිස්තීන් අතරින් බිරිඳක් ගන්නට යන්නේ?” යි ඇසූහ. එහෙත් සම්සොන් තම පියා අමතමින්, “මට ඇය ගෙනැවිත් දෙන්න. මගේ කැමැත්ත ඇයට” යි කී ය. ස්වාමින්වහන්සේගෙන් මෙය පැමිණියක් වග ඔහුගේ පියා හා මව නො දත්හ. මන්ද උන්වහන්සේ පිලිස්තිවරුනට එරෙහිවීමේ අවස්ථාවක් සොයමින් සිටි සේක. එවක ඉශ්‍රායෙල් පාලනය කළෝ පිලිස්තිවරු ය.

