විනිසුරුවෝ 13:13-16

විනිසුරුවෝ 13:13-16 SCV

ස්වාමින්වහන්සේගේ දූතයා මානෝවාට පිළිතුරු දෙමින්, “මා ඇයට කී හැම දෙයක් ම ඔබගේ බිරිඳ කළ යුතු ව ඇත. මිදි වැලෙන් ගන්නා කිසිවක් ඇය අහරට නො ගත යුතු ය. මිදි යුෂ හෝ සැර බීමක් ඇය පානය නො කළ යුතු අතර කිසි අපවිත්‍ර දෙයක් අහරට නො ගත යුතු ය. මා ඇයට අණ කළ හැමකක් ම ඇය පිළිපැදිය යුතු යැ” යි පැවසී ය. මානෝවා එවිට, ස්වාමින්වහන්සේගේ දූතයා අමතමින්, “ඔබට එළු පැටවකු පිළියෙල කරන තෙක් ඔබ, නවතා ගන්නට අපට අවසර” යැයි කීවේ ය. ස්වාමින්වහන්සේගේ දූතයා පිළිතුරු දෙමින්, “ඔබ මා නවතා ගත්තත්, මා ඔබේ ආහාර බුදින්නේ නැත. එහෙත් ඔබ දවන යාග පූජාවක් සූදානම් කරන්නේ නම්, එය ස්වාමින්වහන්සේට ඔප්පු කරන්නැ” යි කීවේ ය. ඒ ස්වාමින්වහන්සේගේ දූතයා වග මානෝවා නො දත්තේ ය.

මෙයට අදාළ වීඩියෝ

විනිසුරුවෝ 13:13-16 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය