ඉශ්‍රායෙල්වරු යළිත් ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ දුෂ්ටකම් කළහ. ඔවුහු බාල් දේවතාවුන් ද අෂ්තොරෙත් දේවතාවියන් ද අරාම්හි දෙවිවරුන් ද සීදොන්හි දෙවිවරුන් ද මෝවබ්හි දෙවිවරුන් ද අම්මොන්වරුන්ගේ දෙවිවරුන් හා පිලිස්තිවරුන්ගේ දෙවිවරුන් ද නමදින්නට වන්හ. මෙසේ ස්වාමින්වහන්සේ අත් හළ ඔවුහු, උන්වහන්සේට නමස්කාර නො කළහ. එබැවින් ස්වාමින්වහන්සේගේ කෝපය, ඉශ්‍රායෙල්වරුන්ට එරෙහිව ඇවුළුණේ ය. උන්වහන්සේ පිලිස්තිවරුන් අතටත්, අම්මොන්වරුන් අතටත් ඔවුන් පාවා දුන් සේක. ඔවුහු ඒ අවුරුද්දේ ඉශ්‍රායෙල්වරුන් වනසාලමින්, ඔවුන් පොඩිකර දැමූහ. යොර්දානයට නැගෙනහිරින්, අමෝරිවරුන්ගේ දේශය වූ ගිලියාද්හි දී ඔවුහු දහඅට අවුරුද්දක් ඉශ්‍රායෙල්වරුනට පීඩා කළහ.
විනිසුරුවෝ 10 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: විනිසුරුවෝ 10:6-8
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ