යාකොබ් 5:14-18

යාකොබ් 5:14-18 SCV

ඔබගෙන් යමකු රෝගී ව සිටී ද? ඔහු සභා-මූලිකයන් කැඳවා යැවූ කල, ඔවුහු ස්වාමින්වහන්සේගේ නාමයෙන් තෙලින් ඔහු ආලේප කර, ඔහු උදෙසා යාච්ඤා කරත්වා. ඇදහිල්ලේ යාච්ඤාවෙන් රෝගී තැනැත්තා සුවය ලබයි; ස්වාමින්වහන්සේ ඔහු නැගිටුවන සේක. ඔහු පව් කර තිබුණේ නම් ඒවා කමා කෙරේ. එබැවින් සුවය ලැබෙන පිණිස එකිනෙකාට තම පාප කියා දී එකිනෙකා උදෙසා යාච්ඤා කරන්න. ධර්මිෂ්ඨ මනුෂ්‍යයකුගේ යාච්ඤාව, මහත් බලයෙන් හා ක්‍රියාකාරිත්වයෙන් යුක්ත ය. එලියා අප හා සමාන මිනිසෙකි. වැසි නො වසින ලෙස, ඔහු මහත් ඕනෑකමින් යාච්ඤා කළෙන්, තුන් අවුරුදු හය මසක් පොළොවට වැසි වැටුණේ නැත. පසුව ඔහු නැවත යාච්ඤා කළේ ය. එවිට අහසින් වැසි වැස්සේ ය; පොළොවෙන් එහි පලදාව හට ගත්තේ ය.